වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Friday, 25 June 2010
මිහින්තලේදී........
එඩියෙන් බිම දමා රුපුසෙන් ජාලාව
මැඩියෙන් රටට වින කරවූ මායාව
පඬියන් කොහෙද අද? අපි හට බෑ කීව
කොඩියෙන් පෙනේ රට එක්සේසත් වූව
අඟේ ඉදන් කන හපනා අපේ අය
යුගේ යුගේ ඇතිවී නැතිවෙලා ගිය
රඟේ දුටිමි, කළ කී දෑ නොදෝමය
මගේ රට දැයත්, දහමත් අපේමය
යාමයේ සතුරු බළ ඇනි බිඳදාන
ජීවයේ අරුණු රටකට ගෙන ඒන
මානයේ බලය ගන්නට දත පාන
හීනයේ රැදුනු රැළකට වී බාන
බැට වැදිච්ච අමනුන් රැළ හා සාම
වැට බැදිච්ච කළදී, එක ගෙයි කැම
වට නොවිච්ච කළ දුටු සිහිනයේ සේම
කට කැඩිච්ච සුදුකොඩි පාවාදීම
උදා ගිරෙන් රැස් දහරා ඇඳුනාය
නිදා සිටිය දහසක් සිත් හැදුනාය
බදා ගිනි අවිත් මුදු සිත් තැළුනාය
මෙදා ඔවුන්ටත් ජය මංඟල ගීය
වෙලාවෙදි නපුර විත් ගම් බිලි ගද්දී
නලා පිඹ දුවන්නට උපදෙස් දෙද්දී
මළා මෙන් දැයට වින කටිමින් පැද්දී
බලා ගෙන හිටපු අය එකමුතු වෙද්දී
වසවත්තියන් ලේ රස බැලු පින් බිමට
නස්පැත්තියක් ආයෙත් නම් නොමවෙන්ට
පුදපෙත් ගෙනෙනෙ අය සිරිමා බෝඳුන්ට
බසවක්කුලම පේවි ඇත පිළිගන්ට
පොසොන් සඳ හිනාවි අම්බස්තලට
ගෙනෙන් නේ පහන්සුව මුලු ලක්දිවට
පිනෙන් ඒ උතුම් දරුවන් ලත් දැයට
ඉතින් වාසනාවන් මේ පින් බිමට......