වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Saturday, 28 August 2010
කඳුළු සීතළ වැඩියි......
පොබයනා නෙතු සිතු ද පෑහුනේ
නුඹ මෙනා ඈ නොවෙද හිනැහුනේ
සිඹිමිනා සඳ තරුද පෑ සෙනේ
නුබ ගැබේ කොයි දෙසද සැඟවුනේ
දුක කියාගෙන මෙදස ආ දිනේ
දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවා දැමුවත් පා සෙනේ
ඒ දුකම ඇයි නුඹට පෑහුනේ
දුටුව සිහිනයෙම නිරතුරු බැඳී
කොටුවෙලා ඉන්න සිතුවත් මිදී
පිටුපපා යන්න කරුණුත් යෙදී
දුටු සිහිනයම යළිත් ඉකිබිඳී
හඬනු බැහ කඳුළු සීතළ වැඩියි
රැඳෙනු කෙලෙසකද සිහිනය බිඳෙයි
මිඳෙනු නොහැකිය නමුත් යායුතුයි
බිඳුනු හදවත් පවා පෑහෙතෙයි........