බලේ බලේ තුන් හෙළයම රැකුන බලේ
කොලේ වහන් ඉදගෙන අයේ මොටද බොලේ
පිලෙ පැඳුරු දාගෙන ඇති හිටියා මලේ
කුලෙ අලි පවා දහ අට රකින කලේ
හයෙන් පහක බල හැත්තැ හතේ ගෙන
ගනන් නොගෙන මහජනතාවගේ අන
තමන් වෙනුවෙන්ම මේ වියවුලේ ඇන
විහින් නැහුනේ අලි මිස කවුරුදෝ වෙන
ගෙනත් අවනීති අතපය බැඳ දැමුනී
නැවැත්වුයේ විරෝධය කුළු පොලු වලිනී
මහත්වරුනි ,අපි නම් ඒලෙස නොවිනී
මහත්තයාට වෙඩි නොවදින බෙන්ස් දුනී
ඇවිත් විටින් විට අරලිය වලව්වට
රොටිත් සමග කෑ හැලපත් මතක් කොට
වෙඩිත් නොවදිනා තුටු පඩුරු ලත්විට
රටත් ඔහුටමයි, මේ ටික ඇතිය මට
බලව් දෙනත් හැර හැත්තෑ හතේ පවේ
බොලව් ලා නේද අත් දෙකම ඉස්සුවේ
ඉලව්වක් නොවේ ඒ නුඹලාගේ පවේ
හිලව්වට අතක් උස්සමු පවක් නොවේ
කුමක් කවුරු කීවත් නොසිතමුය සැකේ
යමක් කමක් කළ හැකි අයටමයි ලකේ
වරක් දෙකක් නොව දිවි ඇති තුරුම රැකේ
පොරක් නොවෙද රජ! රට ලතවුනත් දුකේ
"කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදුන් මිස අන් කවෙත"
පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර කවුරුත් නොමැත!