නොදනිමි.........
වසාලා දොරවල්
බෝ..... කලින්
අඳුර ගෙට ඇවිදින්
යොමා මගට නුවන්
මා එනතුරු...........
කෝ......... නුඹේ හසකැන්
තෙමා නෙතු කදුලින්
හකුළුවා
සිනා වත පරොසින්
සුසුම් ළතැවිල්ලෙන්
නෝක්කඩු
ඇයිද මේ තරමින්.
සි.එස් බණ්ඩාරනායක
1996.02.27
මට වැඩි කෙනෙක් තව
ReplyDeleteඈති බව ඈසුණි සවනට
ඉතින් තව මා කිම
මඟ බලන් නෙතු දවනු පල නැත
ඇය අගේ ඈත්නම්
යන්න මා නැත ගිජුකම්
දොර වසා ගන්නම්
හසකැනුත් සඟවන්නම්
( කාගෙදෝ බොරුවක් අහල නොනමහත්තයා තරහ වෙලා ලු)
කියා ගතු කේළම්
ReplyDeleteබින්දේද? සිත මෙතරම්
සොයා ගොස් කළ වුන්
මෙයැයි අග මුල
සොයා එන්නම්.
කෝප නොම වෙන්නයි
සෝතැවුල් පිසලන්නයි
හසකැන් විදින්නයි
මෙන්න මම......
දැන්..දොර අරින්නයි.
(මටත් හිතාගන්නබැරි කාගෙද මේ බොරුව කියලා)