රජතුමා බොහොම ඉහලින් දක්කනවා
මංඩලේ කචල් තිබුනත් මක්වෙනවා
සිරිකොතේ ඉන්න කාළය දික් වෙනවා
මං හිතේ ලෙසට තොප්පිය පළදිනවා
සීනුව රටවටේ ඇරගෙන කැරකිල්ල
මාරුව පෙනි පෙනී හිතයට ළතැවිල්ල
වීරිය පාරමී වැඩුවට රැවටිල්ල
කාරිය කෙරුණු පසු කාගෙත් ගෙරවිල්ල
පැන පැන ඇවිත් පාරම්බාමින් වස්සා
අණ වින කලෙන් රජුටත් පෙන්නා පස්සා
කළ ගුණ නොදත් උන්දැල දඟ ගෙට බස්සා
යන යන අතට ගහපිය දැන් උලුවස්සා
හැත්තෑ හතේ බලයට ඇවිදින් බිරුවා
විජ්ජා පෙන්නමින් කළගෙඩි එළි බැලුවා
නිස්කාරණෙ බලය එකතැනකට බෙදුවා
මුත්තා පල්ලා කීවත් අයේ ගනු බැරිවා
යුක්තිය හා සමය නිරතුරු රැක ගත්තෝ
සොත්තී උපාලිට සැලියුට් ගැසු ඇත්තෝ
ශක්තිය දී රජුට සතුරන් ගෙට ගත්තෝ
භක්තිය පාමු කේ.පී ටත් වී ගැත්තෝ
හානා හීය බැරි බව අඬහැරෙන් දැනේ
නානා එන්නේ ඇයි කියලා ඉවෙන් පෙනේ
නේනා එවුන් ගැන ගයමින් මොටද ගුණේ
වීනා ගහමු අපි එකසිය පනස් තුනේ
වන්දිභට්ඨයන්ටම ගිය රට....කොඳේ ඇට කැඩෙන තුරු නැවි නැවි ඉන්න බැරියැ......
ReplyDelete@ Shadow/හේමලයා
ReplyDeleteකවුරුන් රජ වුනත් වැඩ කටයුතු ඔහොම
සිදුවෙන පිළිවෙලට වැට බඳිනුද කොහොම
කියමින් එකක් කරනුයේ වෙනැකකි බොහොම
අයෙමත් ඉතින් එනතුරු ඉදිනුය ඔහොම
තමන් බලේ සිටිනා කල් හෙණ ගැහුවත්...
ReplyDeleteරටේ ලොක්කා හට දැනේද කිසි කලෙකත්...
ඉන්න උනුත් වැඩකට නැත පැත්තෙ අනිත්..
ඒක නිසා මුන් පනිනවා හොදට උඩත්....
ලංකාවෙම තියෙන සල්ලි හය හත් දෙනෙකුට..
බෙදිලා ගොස් වගේ පේනවා නොවැ වපරැහැට...
වපරැහැ ඇත්තක් කියනා බව දැනෙනකොට..
පෙරහර ගොහිල්ලා ඉවරයි නොවැ පංසලට..
එදත් අදත් හෙටත් අපිව රකිනා දෙවියෝ..
දෙශපාලනේ කරනා අපෙ ලොකු ඇත්තෝ..
දිනුවත් පැරදුනත් උන් උඩ යයි ලෙස දෙවියෝ...
අපි කවදත් ඇටකටු ලෙවකන චොර බයියෝ....
@ අභීත
ReplyDeleteදනිතත් මේ බොරුව ඉන් ගැලවෙනු බැරුව
මීටත් වඩා ලොකු බොරුවක් හට බිලිව
යුග යුග ගනන් නිතරම මුන් හට කෙරුව
උන් ගොඩ ගියා අපි මෙහ එන තුරු ඔරුව
නම ගිය අපරාධ කරුවන් හට ඇරුණු
හැම රජ කෙනෙක් මත් පෙන්වා ඇත කුළුණු
අද කේ පී එදා කැළණිය වල් වැදුනු
සොත්තී උපාලිත් වැජඹෙන වර ලැබුනු
කතිරය ගසා විතරක් හිදගෙන බැරුවා
ඉතිරිය ඉල්ලගෙන යායුතුමයි ගොරවා
ඉතිරෙණ ගුණ වැයෙන මෙත් කරුණා පොරවා
හැම කිල්ලෝටෙමත් ඇති හුනු එළිවෙනවා
අගේ ඇති කවි ටික.. !
ReplyDeleteඔයා ලස්සනට ලියනවා
ReplyDeleteවීනා ගහමු අපි එකසිය පනස් තුනේ
ReplyDeleteපට්ට...!
ටික දිනකට පසු ආ දින මේ පැත්තේ...
ReplyDeleteකවි පද රැසකි කියවීමට අද ඇත්තේ...
රසයෙහි අඩුවකුත් කිසි කලෙකත් නැත්තේ...
කියවා දැන ගතිමි ඇත්තම තත්තේ...
කාට කියන්නද අපි මේ අවනඩුව..
රෑට නිදන්නේ අපි කෝමද නිවහල්ව..
එදා සිටන් අද වෙනතුරු කෑව..
ලණුවල අරුම බල ඇස් ඇර පේව..
@ sameerausa
ReplyDeleteඇබ ගසා ගෙන ඔවුන් කරයි කළ යුතු හරිය
ඔබ වගේමයි මටත් බලන් ඉන්නට බැරිය
කබරගොයි නම් හොදයි තලගොයින්ටත් වැඩිය
සුභ අනාගතයකට කියමු අපි අපේ කවිය
@ dusika
ReplyDeleteහිතක සිතුවිළි නිතර මිහිරි කවියක් වෙලා
කොනක සැඟවී සිටිත් දී නුඹට හමුවෙලා
නොදැක උන්නත් මෙසේ කාලයට ඉඩ හලා
මතක පොත අතර නුඹ තවත් කවියක් වෙලා
@charmi
ReplyDeleteනේනා නිසා සමහර අය නොරොක්වෙලා
හානා හීයේ අඬහැර මම වෙනස්කලා
පීනා එතෙර වන්නට හොද තැනක් බලා
නානා කෝකටත් හොද තයිලයක් වෙලා
@ priyantha.ඒබී
ReplyDeleteහොදටම දනිද්දිත් අපි කන බව ලණුව
කළයුතු දෙයක් නැහ හැර බලයක් දෙනුව
මුන් නැත්නම් අරුන් ඇවිදින් බලගතුව
කන්නේ අපිම මයි හැමදාමත් ගුඩුව
හැත්තෑ දෙක ලබන කම් රජ සැප විදින
ස්ථාවරය තිබිලත් තව ලොබ බඳින
හත් වරිගෙටම උස් තැන්වල පුටු හදන
ඉත්තෑවට වෙච්ච දේ දෝ අපි දකින