Sunday, 19 September 2010

මලක අරුම




සොඳුරු විමසිලි දෑස් මාවෙත 
බලා නොදෙඩූවත්
යනෙන තැන්වල ලකුණු සලකුණු 
කියාදෙනු බැරිවෙත්
තබා බර දෑගිලි බැඳුන තැන 
විවාහය සවිමත්
නිහඬ වෙමු ආ ගිය කතා ඇයි?... 
නුඹ ළඟනේ තාමත්


දොවා සඳ මුඳු ප්‍රේමයෙන් 
සියොළඟම සැතපූවත්
පෙනෙන මායිම වහන් වූ පසු 
නොපනතෙහි පැටලෙත්
නොවුන විලසට කිසිම කිසිවක් 
පියඹලා ආවත්
උරුම සෙනෙහස මටම පමනයි 
දෙවනු බැහැ ඉඟිවත්


දොරින් දොර මල් උයන් වතුමයි 
මලින් බරවීලත්
නිකම්වත් එහි‍ රැඳෙන්නේ නැහ 
දෑස් රිද වූවත්
නුඹත්, නුඹගේ සෙනෙහසත්, මුඳු 
ගුණත්, වී සිහිපත්
දෙපා ‍රැඳවෙන්නෑ  කොහේවත්  
දනී නුඹ ඒකත්


පෙනේ ඔය මඳහාස දෙතොළඟ
මුසා බස් නොමවෙත්
කොහේ යන්නද මල් උයන් මැද 
නොවිඳ මල් සුවදත්
බෙදා දෙන්නේ නැති තාක් කල් 
පිදූ පෙම සිරිමත්
දනිමි මම යනෙනා මඟදි වෙන  
බොහෝ දේ සුනරුත්...

No comments:

Post a Comment