වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Saturday, 23 October 2010
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන
අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
කොල්ලට උගන්වන මඟ වැලකුවයි යකා
මුල්ලට වනු නොදී මතු පරපුරක් මකා
ගොල්ලට එකතු නොමවව් ! ඉදිරි වැඩ තකා
සතර දැන ඉගෙන මං පෙත් හදාගෙන
එතෙර වන තැනෙදි අං පටලවා ගෙන
නිතර කී කතා යළි යළි දෙසාලන
මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙන
ඇවිත් පැන කඩුලු අභියෝග ජයගෙන
පුවත් දැන.. නොදත් ලෙස වළං බිඳගෙන
දොහොත් දී පුදන ගුරු පියන් වටලන
තවත් මෙහෙයුමක් දෝ රටක් අවුලන
හඬ නම් තරුණ හඬ සරසවි ජයගත්තෝ
වැඩකට නොමැති අරමුණු වල වී ගැතතෝ
ඉඩ නොතබා විහින් මඟ අහුරා ගත්තෝ
අඩ පණ කරයි සරසවියම වී ඉත්තෝ
කඩ ඉම උසස් පෙළ ලකුණක දෙකක නොමින්
හැඬ වෙන දූ පුතුන් පිටතයි ඇතුලේ නොවින්
ඉඩ ලඳ පිනින් ඇතුලට ආ අසුරු සැනින්
මැඬ වෙන දූ පුතුන් එන මඟ අගුලු නොලන්
රැසක් පුතුන් දූවරුනගේ නෙත් හදන
දොරක් ඇරෙන..හෙට ලොව ජය ගනු ලබන
දිනක් අත ලඟම බව දෙස් දෙන බැවින
එකක් නොව රැසක සරසවි දොර ඇරෙන
යන්තරේ හොදයි නම් වැඩ නිරවුල්ය
මන්තරේ තමයි හැමදාමත් හෙනය
පිංකරේ නැතිදු ලබනට විදු එළිය
අන්තරේ ගෙනෙයි හැමොටම රතු එළිය.
මේක හැම කැම්පස් එකකම ඇතුළු වෙනතැන සහ තවත් තැන්වල ලොකුවට ලියලා ගහල එල්ලන්න කියලා මම නියෝග කරනවා.....
ReplyDeleteමින්පෙර මැරුනෙ නැති විරුවෝ අද කොහිද????
ReplyDeleteඋන්ගිය සමාජය උන් තනලා ඇතිද??
ගොන්පොර වගේ හැමදා ගුටි කෙලි නැතිව..
මල්ලියෙ උඹත් හිතපන් අපි ව දිනවන්නට..
@෴ හසියා ෴
ReplyDeleteසාස්තරේ උගනින මඟ වසාගෙන
මෝස්තරේ කට පිකටිං බදාගෙන
ගෝස්තරේ වී නඩයට මුසාලන
නේත්තරේ කවදා පහදවා දෙන
@ indi
ReplyDeleteසරසවි බොහෝ ඇත ලොව එකම යායකි
සුරුවිරු ලෙසින් යයි දුර පිහිනා යාහැකි
දිනුමට බොහෝ දේ ඇත හොදින් දිනියැකි
බලනුව දැස් ඇර මඟ හොදින් මගේ සකී
සරසවි සිසුන් පාරට බැස වෙර දෙන්නේ
ReplyDeleteපුද්ගලීකරනය නිදහස වලලන්නේ
ජෙප්පන් පිට දමා සරසවි ගිනි පිට දෙන්නේ
ඇස්.බී තුමා තණකොල විතරද කන්නේ
@ ර ත් ග ම යා
ReplyDeleteලකුණක දෙකක එහෙ මෙහෙ වීමෙන් නතර
වියයුතු නම් නොවේ මගේ දරුවන් ගෙදර
ජය ගත යුතු ලොවකි,මඟ පහදා එතෙර
වන්නට පවුරු පාලම් හදමුද මිතුර