Tuesday 9 November 2010

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී




පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
සුළු වරදකට හිත පොඩ්ඩක් රිදේවී
මහවැස්සෙදී  හිත රිඳිලා අඬාවී

ආගිය කථා සිහිවී දුක හිතේවී
ඒ ගැන යළි යළිත් සිහියට නැගේවී
පිපි මල් නම් දිලී අතුඅග ‍රැඳේවී
නොපිපෙන මලුත් ඒ අතරෙම තියේවී

රළ හඬ නගා ගෙන වෙරළේ හැපේවී
ඉම නොදකිනා රළ ඉකිබිඳ හඬාවී
සුවදේ සිනාවක සැනසිළි ‍රැඳේවී
දුක නම් ඉතින් නෙත කඳුලක් සදාවී

නුඹටද දුකකි ,ඒ දුක මට දැනේවී
කවුරුන් හෝ දිනෙක ඔය හිත හදාවී
නොකෙරෙන දීගයේ හෙවනැළි ඇදේ වී
පිටමං වෙන කරුණු  එකිනෙක සැදේවී

නිල්වලා ගඟත් හැඩවී ගලාවී
මංමුලා නොවී අරමුන සොයාවී
ලංවෙලා ඉන්න හිතකුත් ලැබේවී
කල්බලා පුවත් මාහට කියාවී

පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවී
තද වැස්සෙදි ඒ මල් අතු කැඩේවී
මල් සුපිපෙනා පොද වැස්සට මුවාවී
කොහෙ දිලුනත් සුවඳ මසිතට දැනේවී

4 comments:

  1. පොද වැසි මල් වැසි වී ඉසේවා
    කොහෙ කොහේ හෝ ඒ මල් දිලේවා
    එමල් සුවඳ විහඟුනට දැනේවා
    හැම සිත් සැමදා සතුටින් පිරේවා

    ReplyDelete
  2. හිත රිදුනේ මහ වැස්සට,එය සත්තයි,
    නෙත පිරි කඳුලු වැරුදා අද මෙන් මතකයි,
    වට වැසි අහවරයි හිරු නුබ ගැබ දිදුලයි,
    හෙට මල් පිපෙනු නියතයි දසතම සුවඳයි,

    ReplyDelete
  3. @ ගල්මල්-Coral

    මලුත් පිපී පොඳවැස්සේ තෙමීයන්
    මල් අතු කැඩෙන තද වැස්සක් නොවීයන්
    වැහිබීරුමේ මල් සුවඳත් දැනීයන්
    ඒ මල් සුවඳ මට විතරක් නොවීයන්

    ReplyDelete
  4. @ Ravi

    මහවැසි හිත රිදී හෝදා පාළු වෙලා
    නෙත කඳුළකට හිත දුකකට විවර කලා
    අටලෝදහම මෙන් දුක කඳුළටම හලා
    පොඳ වැස්සෙදී හිත සතුටින් ඔකඳ කලා

    ReplyDelete