සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන
කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන
සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන
මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන
කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා
බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා
නෙතින් නොදුටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා
හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා
කියන්නට තිබූ බොහෝ දේවල් නොකිපි
ලියන්නට ලැබුන ඉඩකඩ ගැන වැලපී
නො එන්නට ගමන් යන තුරු වැද සැතපී
පිපෙන්නට හරිමු මල්, මල් ලොව නොපිපී
හිටු කියා නවත්තාගනු බැරි බැවිනී
ඉටු වුනා නොවුනා, දින ගෙවිලා ගොසිනී
පිටු පපා ගියත්, නව වසරට ලොබිනී
තටු විදා පියාඹන්නට පින ලැබුනී......
තටු සලා ඉගිලෙන සිතු ලෙසට
ReplyDeleteඉටු වෙලා ඇතිද නුඹ මා පැතු ලෙසට
හිටු කියා ලියූවද කවි පෙර ලෙසට
නැති වෙලා දෙයක් මා ලඟ පෙර සිටම
නුඹ නමින් සියක් මල් දස අත පිපෙන්නයි
නුඹ නමින් දියණිවරු ලොව දිලෙන්නයි
නුඹ වගේ පුතුන් මේ ලොව සදන්නයි
නුඹ නමින් නව වසර වෙන් කෙරෙන්නයි
෴ ජයෙන් ජය ෴
ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.
ReplyDeleteඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!
ReplyDeleteජීවන මගේ ඇති තව සැතපුමක දුර.....
ReplyDeleteගෙවලා නිමා විය දැන් එයි අනිත් එක....
හමුවන තුරුම එකසිය විස්සේ කණුව....
නුඹ පියඹපන් අපි එමු කවි විඳින්නට......
ලෝකෙ කැරකෙනවා
ReplyDeleteඅපට නවත්තන්න බැහැ
කාලය ගෙවී යනවා
කාටත් හොරෙන්...
හෙටත් තව දවසක් විතරයි
අලුත් අවුරුද්දක් කිව්වට...
හෙට හැඩට අදීවී
කිරිබත් එහෙම කාල
හොද කෙනෙක් මුලිච්චි වේවි
අවුරුද්දම සුභ වෙන්න....
නමුත් එහෙම වේවිද කාටත් ??
හොද හිතයි වටින්නේ ...
සුභ වෙන්න අවුරුද්ද පුරාවටම,
මේක හොද වෙලාවක්
ආපු ගමන් මග හැරී බලන්න
එහෙනම් ඔන්න,
කාටත් සුභ අලුත් අවුරුද්දක් !!
සිඩ්නි,
ReplyDeleteඔයා ප්‍රාර්ථනා කරන සෙනෙහස ලබන්නට ,විදින්නට හැකි වසරක් වේවායි පතමි.
ලැබුවාවූ නව වසර සිතේ පැතුම් ඉටු වෙන සුභ වසරක් වේවා.........!
ප්‍රියංගි
කවි සිතුවිලි ගග මෙන් ඇදිලා ඒවා
ReplyDeleteසිත තුලඇති හැම දේ සිතු සේ වේවා
ඔබ නිරොගිව හැමදා මෙහි වැජබේවා
නව වසරෙදි ඔබ හැම හට ජයවේවා
සොදුරු සිතෙන් කලකට පෙර ගතිමි සොයා
කවි ඔබ ලියූ මගෙ සිත තුල රැදුනි මයා
කියන ලියන හැම දේ කවි වෙන්න කියා
අපෙ ආයුෂත් ලැබ මෙහි සැනසෙන්න ඔයා
සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteහසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!