වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!
ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
කලකින් ඇවිත් බැලුවෙමි ගීතයක රසරසකින් රසක් දුටුවෙමි සුබ පැතුමෙ යසයසසින් පිරුණ හෙට දින නුඹ සපිරිවර පැතුමින් මගේ වේවා නුඹසැමට සෙතලස්සන කවිය... මුල් පදය ඉවර වෙන වචනයෙන් ඊළඟ පදය පටන් අරන්... හරිම අගෙයි.විහඟ ගීතය ලියන විහඟටත්, ඒ ගීත අසන කැඳැල්ලේ කිරිල්ලිය සහ පුංචි කුරුළු පැටවුන්ටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද , සිත සතුට රජ වෙන ,එක කැඳැල්ලක ගුලි වෙනගීතවත් වසරක් වේවා කියල ඉත සිතින්ම පතන මම෴ සොඳුරු සිත ෴
@ගල්මල්-Coral සිත් මල් පිපේවාමෙත් ගුණ බෝ වැඩේවාබ්ලොග් පිටු පිරේවාඔබට නිති සැප සතුට වේවා
@ නදී...ඇවිත් විහඟ ගී ඇසෙනා මායිමෙමනදිත් දුටුවාම හිත සතුටකි බෝමඅළුත් අවුරුද්ද නිති සරුවෙන සේමනිමිත්තකි මෙලෙස මෙහි ඇවිදින් යාම
@ සොඳුරු සිත ලැබුන වසරේ නොපිරුන පැතුමක එතුනඑතුන ලෙසම මල් පල ගැන්වෙන ලෙසිනලෙසින සියළු දේ කුළු ගැන්වෙයි පතනපතන පතන දේ ඉටුවේවා ඉතින
විහග නදටත් අනෙක් හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
@ සහෝධරයා නෙතින් නොදුටුවත් හැබැහින් දුටු ගානකොහෙන් කොහේ හිටියත් පැතුමන් ගේනයෙහෙන් සව්සිරිම ඉතිරෙන්නට ඕනඉතින් සහෝධරයාටත් සුභ සීන
දෙස හැර පැමිණ නෙක දුක විඳිනා කතරේ,අප සිත් ඇත්තේ මේ දිනවල මෙහේ නොවේ,හද රන් බඳුන ඉතිරී සෙනෙහසින් පිරේ,දිවි මඟ සැනසුමෙන් නව වසරේ සැනහේ,
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙමනව අවුරුද්ද ජයවේවා පතමි මමදාහක් හමාරක් තව ලිපි ලියවේවාකියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවාසැමටම එයින් හද තුල තුටු ඇතිවේවාසිංහල වියුණු අවකාශය බැබලේවා!-කතන්දරකාරයා
@ Raviඇවිත් අවුරුද්දේ නැගම් යන ලෙසටරවිත් මෙහි ඇවිත් කඳ මළු බැඳ යසටපිපෙත් නම් මලක් ඈතින් රතු රතටගෙනත් දේ සිහින අවුරුද්දට අපිට
@ Kathandaraහිතන්නට තියා ඉන් නොනැවතී ගෙනපසුව ලියන තව කොටසක් හදාගෙනනිරන්තරව බ්ලොග් පිටු සරසවා දෙනකතන්දරට සුභ අවුරුදු පතා ලන
ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteකලකින් ඇවිත් බැලුවෙමි ගීතයක රස
ReplyDeleteරසකින් රසක් දුටුවෙමි සුබ පැතුමෙ යස
යසසින් පිරුණ හෙට දින නුඹ සපිරිවර
පැතුමින් මගේ වේවා නුඹසැමට සෙත
ලස්සන කවිය... මුල් පදය ඉවර වෙන වචනයෙන් ඊළඟ පදය පටන් අරන්... හරිම අගෙයි.
විහඟ ගීතය ලියන විහඟටත්, ඒ ගීත අසන කැඳැල්ලේ කිරිල්ලිය සහ පුංචි කුරුළු පැටවුන්ටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,
සිත සතුට රජ වෙන ,
එක කැඳැල්ලක ගුලි වෙන
ගීතවත් වසරක් වේවා කියල ඉත සිතින්ම පතන
මම
෴ සොඳුරු සිත ෴
@ගල්මල්-Coral
ReplyDeleteසිත් මල් පිපේවා
මෙත් ගුණ බෝ වැඩේවා
බ්ලොග් පිටු පිරේවා
ඔබට නිති සැප සතුට වේවා
@ නදී...
ReplyDeleteඇවිත් විහඟ ගී ඇසෙනා මායිමෙම
නදිත් දුටුවාම හිත සතුටකි බෝම
අළුත් අවුරුද්ද නිති සරුවෙන සේම
නිමිත්තකි මෙලෙස මෙහි ඇවිදින් යාම
@ සොඳුරු සිත
ReplyDeleteලැබුන වසරේ නොපිරුන පැතුමක එතුන
එතුන ලෙසම මල් පල ගැන්වෙන ලෙසින
ලෙසින සියළු දේ කුළු ගැන්වෙයි පතන
පතන පතන දේ ඉටුවේවා ඉතින
විහග නදටත් අනෙක් හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDelete@ සහෝධරයා
ReplyDeleteනෙතින් නොදුටුවත් හැබැහින් දුටු ගාන
කොහෙන් කොහේ හිටියත් පැතුමන් ගේන
යෙහෙන් සව්සිරිම ඉතිරෙන්නට ඕන
ඉතින් සහෝධරයාටත් සුභ සීන
දෙස හැර පැමිණ නෙක දුක විඳිනා කතරේ,
ReplyDeleteඅප සිත් ඇත්තේ මේ දිනවල මෙහේ නොවේ,
හද රන් බඳුන ඉතිරී සෙනෙහසින් පිරේ,
දිවි මඟ සැනසුමෙන් නව වසරේ සැනහේ,
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
@ Ravi
ReplyDeleteඇවිත් අවුරුද්දේ නැගම් යන ලෙසට
රවිත් මෙහි ඇවිත් කඳ මළු බැඳ යසට
පිපෙත් නම් මලක් ඈතින් රතු රතට
ගෙනත් දේ සිහින අවුරුද්දට අපිට
@ Kathandara
ReplyDeleteහිතන්නට තියා ඉන් නොනැවතී ගෙන
පසුව ලියන තව කොටසක් හදාගෙන
නිරන්තරව බ්ලොග් පිටු සරසවා දෙන
කතන්දරට සුභ අවුරුදු පතා ලන