Wednesday, 24 August 2011

හීනියට පෑ සිහිනෙකි



හීනියට පෑ සිහිනෙකි
පහන් තරුවට අරුතකී
හිරුගෙ අභියස කදෝ පැණි සකි
ගිලිහෙනා යුරු අරුමෙකී

රෑ දවල් නිති රකිමිනී
පෑ සෙනේ නොපිරුන මෙනී
ගෑ සුවඳ සිහිනෙට විනී
ඈ කොහිද..? මම තනියෙනී

නෙතින් නෙත ඈඳුන නියා
සිතින් සිත දෝරේ නොයා
මතින් මත පීදුන දයා
ඉතින් හිත කොහේදෝ ගියා

දුකින් ළතැවිල්ලෙන් පිරී
නෙතින් කඳුළක් වී පෙරී
හිතා ගන්නටවත් බැරී
කුණා‍ටුව හද දොර හරී

පියාඹන විහඟුන් ‍රැහේ
යළිඳු එයි ‍රැඳුනත් කොහේ
සිතින් පිටමං වුන දොහේ
එයිද කවදාවත්  මෙහේ

බැඳුනු උඩුසිත් හැරපියා
රිදුනු යටිසිත් හැඬවියා
සිතුනු තැන්වල හිත තියා
අඬනු ඇයි! දුක කිය කියා


16 comments:

  1. හිරුත් පරුසව දවද්දි
    බිම්කඩ පාලු විය
    විහඟුන් ඈතට ගියාද
    සොයනා පරවිත් නොවිය

    සිහිනෙන් වත් සඳුන්
    ගෑවෙත් නම් සිසිලකි
    සිහිනෙන් වත් පෙලක්
    කවිය දැක සතුටකි

    ReplyDelete
  2. හැමදාම වගේ ලස්සනයි මේකත්

    ReplyDelete
  3. හැමදාම මෙහෙම දුක කියා කවි ලියා
    ඉන්න නමි අනේ මෙි විහග ගී කියා
    සනසන්න ලංවෙලා මිහිරි ගී ගය ගයා
    පතන්නමි ඉක්මනින් හමුවන්න ඒ පි‍්‍රයා

    ReplyDelete
  4. @ ගල්මල්-Coral

    ගතත් සිතත්
    හුදකලාවෙ
    තනිය විදී නම්

    නෙතක් කඳුළු
    පුරවාගෙන
    දුකට හඬා නම්

    කෙනක් පෙනෙන
    මායිම දුර
    වහන් කලා නම්

    කවක් විහඟ
    ගීයක් වී, අරුත
    සොයා දෙම්,

    ReplyDelete
  5. @ මාතලන්

    ලියා නේක පදරුත් විමසමින් ඉඳ
    කියා ගන්න පෙර තවලිපි වැලක් ඇද
    පියා ගෙන දැස් ඔබ සිහි කරණ සඳ
    ඔවා දීම නම් මට සතුටකිය සොඳ

    ReplyDelete
  6. @ Chandi

    දුක විඳිනට පුරුදු වූ කල සැනසිල්ලේ
    එක දෙක නොවේ බළ ඇණියක් වුව සෙල්ලේ
    මොකටද බොරු කතා කියනෙමි එක එල්ලේ
    දුක නැති තැනක විඳිනට සතුටත් "ඉල්ලේ"

    ReplyDelete
  7. නොපිරූ සෙනෙහසින් ලද දුක් කඳුළු ග‍‍‍ඟේ
    කාලය ගෙවුන යුරු යලි මා සිතට නැගේ
    මුළු ලොව එපා වී හද සෝ සුසුම් නැගේ
    විරහව දුකයි!!!! ඇත්තට සංසාරෙ වගේ

    හදවත තවන දුක!!! විරහා ගිනි දල්ලේ
    එකලදි දැනුනි! අද හිටියත් සැනසිල්ලේ
    ඔබෙ කවි බොහෝ කියවූයෙමි එක එල්ලේ
    විටකදි සිතේ..... අපි පොල් මෙනි එක වල්ලේ

    ReplyDelete
  8. Wihga gitaya dan goluwala
    aya noyannma nihada wala...........

    ReplyDelete
  9. Aya me hamadayakma matakayan witara.

    ReplyDelete
  10. මරණින් මතු යහපත් බවයක්ම ලැබේවා හිතවත් සොයුර...

    ReplyDelete
  11. මගේ කවි වලට ගුරු වරයෙක් වූ ඔබට නිවන් සුව පතමි.

    ReplyDelete
  12. නිවන් සුව පතමි.. මම දැනුයි දැන ගත්තේ..... හිතා ගන්න බෑ....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. නිවන් සුව පතමි..

    ReplyDelete
  15. බ්ලොග් අවකාශයේ මා දුටු හොඳම සිංහල එලිසම කවියා ඔබයි!

    නිවන් සුව පතමි.

    ReplyDelete
  16. උපදින මතු අත්බවයක නිවන් සුව ලබා ගත හැකිවේවා ඔබට . ..

    ReplyDelete