නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින
හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී
පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී
පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....
සිඩ්නි අය්යා තිළිනි දුවට ලියපු කවි පංතිය එදාට වැඩිය අදට හොදට ගැලපෙනවා නේද? ප්‍රියංගි අක්කේ
ReplyDeleteනෙතට කදුලක් ඉනුවා සොයුරියේ මෙය දුටුවාම. දුවලටත්, පුතාලටත්, තෙරුවන් සරණින් ලොව දිනන්නට වාසනාව දිරිය ශක්තිය ලැබේවා කියල පතනවා.
ReplyDeleteමේකනම් හරිම හොඳ වැඩක්, සිඩ්නි අයියා ලියපු කවි ඒ කාලෙ ඉදන් කියවපු අපට ඒ රසය දිගටම ලබාදීම....
ReplyDeleteමම ඔහුගේ නික්ම යෑම දැන ගත්තෙත් බොහොම මෑතකදි.... මේ පළවන කවි ඔහුට උපහාරයක්ම වෙවා...
@ chandi
ReplyDeleteස්තූතියි සොයුරිය,
සිඩ්නි විසින් ලියපු විහග ගීතයහි පල නොවු කවි සංකල්පනා ඉදිරියේදි පලකරන්න බල්පොරොත්තුවෙන් ඉන්නවා
ස්තූතීයි අභීත සොයුර
ReplyDeleteඔබ නැවතත් විහග ගීතයට පිවිසීමත් අපට ලොකු හයියක්
ඇසට කදුලක් එකතු කල කවි පෙලක්!!!
ReplyDeleteඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉතිරි නිර්මාණත් පළකරන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDeleteසිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කිහිප වරක්ම මතක් වුනා, කියෙවූවා.
ReplyDeleteමුල්ම සටහනේ ද කියා ඇති පරිදි මේ පදපෙල එදාට වඩා අදට ලියූවක් වගේ...
ඔබ හා දරුවන්ට ජීවිතයේ හැම පියවරයන්ම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය හා දහිරිය පතනවා සහෝදරී. දරුවන් ඔහුගේ සිහිනයන් මල්පල ගන්වාවි.
සිඩ්නි මහතා කළ නිර්මාණ දිගටම පල කිරීමට ඇති ඔබේ අදහස ගොඩාක් අගේ කරනවා. ඔහු පෝෂණය කර කවි කවදත් රැඳේවි. ජය.
ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ කවි මේ විදියට පල කිරීම.
ReplyDeleteසිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද දෙයක්
ReplyDeleteවිහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට මගේ ස්තූතිය. ඔහු ලියූ නමුත් තවමත් නොපළ කවි නුඹේ ළඟ ඇති....
ReplyDeleteඔහු වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ කටයුත්තක්.. සිටිනා තැනක සිට ඔහු ඔබ දෙස බලා ස්තූති කරාවි...