සඳ වතක් වුනා නුඹ මට,
තරු නෙතක් වෙලා නුඹ හට
මුඳු සෙනේ ඉතින් දුර සිට
විඳිනෙමී නිතින්
දුරුනොවී නොගොස් ඈතක
පිරු පෙරුම් වලින් පෝසිත
සිහිනයක් නොවී මාසිත
රැඳුනි දෝ ළඟින්
නෙතු පියා නිදන යාමෙක
සිත ඇඳුන රුවම සිහිනෙක
පැටළිලා ඇවිත් නුඹෙ වඟ
කොඳුරලා ගිහින්
දුර ගියත් හිමව් වන වැද
පෙර පිනම ගෙනා සඳ වත
මෝඳු වෙන තුරා මඟ රැක
හිඳිනෙමී ඉතින්.....