Saturday 21 January 2012

මගේම ආදරණීය ( 2 ) ...............





  හෙට..........!

පෙමාතුර හැගුම් අබියස
දවා මුලු දිවිය කදුළක
හොවා ගෙන ළතැවුලෙහි සිත
කිමද කාරණා.....................


දි දී නෙක පිළින මනනද
ඉදී නුඹෙ සුවය විද,  විද
සැදී නොයන සද සිහිනය
නිල් නුවන් තෙමා.


නොකීවද මගෙහි  සළකුනු
නුඹේ සිත  පෙලන නිරතුරු
අසා දකින තුරු දිව, රෑ
හඩන යුරු පෙනි.


ලොවේ කොතැනකට වී හෝ
නුඹේ කදුලු ඇස් දැක, දැක
දමා යන්න බැරි හන්දා
දෙපා පැටලිලා.


උදේ රෑ කියා වෙනසක්
නැතිව නුඹව කැදවූවත්
මගේ ලොවට එන්නට යලි
දෑස් අඳ වෙලා


ඒත් මම දනිමි දවසක
සිහිනයෙන් මිදුන මොහොතක 
එදා වගෙම යලි හිනැහී
නුඹ එතැයි කියා.

09.8.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්



9 comments:

  1. කවුද දැන් මේ අඩවිය පාලනය කරන්නේ..?

    ReplyDelete
  2. @ මාරයාගේ හෝරාව


    මම ප්‍රියංගි, විහඟ සමග මෙම අඩවිය නිර්මානය කල ඔහුගේ බිරිද.විහඟ විසින් කලකට ඉහතදී නිර්මාණය කල දෑ ඉදිරියටත් පලකරන්න ඉඩලද විගස බලාපොරොත්තු වෙමි. මාරයාගේ හෝරාව අප දෙදෙනාම රසවින්දා

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි පිළිතුරු ලබා දීම සම්බන්ධව...

    එක පරෙටම මේක අප්ඩේට් උනහම මං ඒත් බැළුවා මොකක්ද මේ වෙන්නේ කියලා..දැන් හරි ඔහොම කරගෙන යමු... මමත් කමෙන්ට් නොකලත් නිතර ආව ගිය තැනක් මේක...

    ඔහුගේ නොපල නිර්මාණ හැකි අයුරකින් එළිදක්වන්න ඒක හොඳ දෙයක්...

    ReplyDelete
  4. සිඩ්නි අප සමග සිටිනවා වැනි හැඟිමක් දැනෙනවා. දිගටම ඔහුගේ ඉතිරි නිර්මාණ සයිබරයට දෙන්න. ඔහු මම සයිබරයේ හමුවූ අයගෙන් දක්‍ෂතම කවියා. ඔහුගේ නිර්මාණ තවත් බොහෝ ඔබ සතුව ඇතැයි සිතනවා. ගොඩක් ස්තූතියි දිගටම මේවා ලියනවා.

    ReplyDelete
  5. ස්තූතියි සොයුරිය. ඔබට සෑමදාම මේ සඳහා දිරිය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  6. පෙරදා විහඟ තුඩගින් කව් පබලු ගෙතූ
    කිවිඳා සමග බැඳුනේ තද දමකි මිතූ
    කවදා හෝ දිනක හමු වෙමි සිතින් පැතූ
    කිසිදා නුඹ නොමැත නුඹෙ කවි තෙමයි නෙතූ

    ReplyDelete
  7. @ priyantha

    ඔව් ප්‍රියන්ත සිඩ්නිගේ තව බොහෝ නිර්මාණ මා සතුව තිබෙනවා. ඉඩලද හැම විටකම එම නිර්මාණ පල කිරීමට උත්සහ ගන්නම්

    ReplyDelete
  8. @ chandi
    ස්තූතියි සොයුරිය,
    සයිබර් අවාකාශයේ සිටින සොදුරු සිතැති අපේ මිතුරියක් සමග කවි පොතක් පල කිරිමේ ආශාවකින් විහඟ සිටියා,මේ නිසාම ඔහු විසින් කාලයකට ඉහතදී ලියන ලද කවි, නිසදැස් නැවත සොයා සකස් කරමිනුයි අප දෙදෙනා සිටියේ.නමුත් මා ලග අද ඉතුරුවී තිබෙන්නේ ඔහු ලියූ කවි පමනයි. මේ කවි පල කරන්න විවේකයක් සොයා ගන්නේ බොහොම අමාරුවෙන්.ඉඩලද හැම විටකම එම නිර්මාණ පල කිරීමට උත්සහ ගන්නම්

    ReplyDelete
  9. @ SRI MANJULA

    ඔබත් විහඟ වගේම ලස්සනට කවි ලියනවා මංජුල.කතාවක් ගෙනහැර පාමින් කවි ගොතන්න ඔබ සැබෑ දක්ශයෙක්. සයිබර් අවකාශයේ සිටි බොහෝ දෙනෙක් හමුවීමේ බලාපොරොත්තු සිඩ්නිට තිබුනා. ඒ අය අතර ප්‍රියන්ත ,සොදුරු සිත, හද ගී ලියන තිස්ස මහතා,මාතලන්, , මාරයා.........යන අය මූලිකයි. ස්තූතියි ඔබට කොමෙන්ට් කලාට.

    ReplyDelete