හෙට..........!
පෙමාතුර හැගුම් අබියස
දවා මුලු දිවිය කදුළක
හොවා ගෙන ළතැවුලෙහි සිත
කිමද කාරණා.....................
දි දී නෙක පිළින මනනද
ඉදී නුඹෙ සුවය විද, විද
සැදී නොයන සද සිහිනය
නිල් නුවන් තෙමා.
නොකීවද මගෙහි සළකුනු
නුඹේ සිත පෙලන නිරතුරු
අසා දකින තුරු දිව, රෑ
හඩන යුරු පෙනි.
ලොවේ කොතැනකට වී හෝ
නුඹේ කදුලු ඇස් දැක, දැක
දමා යන්න බැරි හන්දා
දෙපා පැටලිලා.
උදේ රෑ කියා වෙනසක්
නැතිව නුඹව කැදවූවත්
මගේ ලොවට එන්නට යලි
දෑස් අඳ වෙලා
ඒත් මම දනිමි දවසක
සිහිනයෙන් මිදුන මොහොතක
එදා වගෙම යලි හිනැහී
නුඹ එතැයි කියා.
09.8.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්