පිපී මුව තඹර ලෙද
දකිනු රිසි නොවුනද අද
ඉඳ සිප බැද වැළද
කියු කතාවන් මතක නැතිවද ?
ආ ගිය ගමන් මග
සැමරුම් නම් නොවේ හිග
වියලි සෙනෙහෙ ගඟ
කීමද කදුලක් වුනෙ නෙතු අඟ
කටු කොහොල් පිරුණු
බිද මහපවුරු බැඳුනු
නුඹට කැප කෙරුණු
කැකුළු මල කෙලෙසකද තලනු
නියං මහ සායේ
දිවි මඟ දුකම වුයේ
නමුදු අත පෑයේ
වෑහි වලාවක දෙවිදු නාවේ
නොවී සිත එකලස්
ඉකිබිදී හිනැහුනු ඇස්
සදා දී දොම්නස්
නොපෙනෙනා ලෙස බොහෝ දුර ගොස්
පැමිනි මඟ සිහිවී
දෙපතුල් රිදුම් දේවී
සිහිනයක පාවී
ඇවිත් නළලත සිඹිනු පේවී
සි එස් බණ්ඩාරනායක
නියං මහ සායත්
ReplyDeleteපිපිදුන වසන්තයටත්
නොවෙනස්ව සිත් ගත්
ළඳුනෙ ඔබෙ ආදරය මනරම්... ( කියල හිතන්න)
මතක මන්දිරවල
ගොඩ නැගුණ සිතුවිලි වල
ඔබ තවම ඈයමය
සුවඳ ඈත තව මගේ තනියට ..... ( කියල හිතන්න)
පිපී දිඳුලන ඇස්
ReplyDeleteවල නොරඳවා දොම්නස්
පිදූවත් සෙනෙහස්
ගඟට කැපු ඉනි සේය සුවහස් ( කියල හිතුන වාර අනන්තයි)
මතක අමතක් වී
සිතිවිලි විපරීත වී
සෙනෙහෙ ගඟ වියලී
හැඩූ කඳුළින් සුවද වියැකී ( කියල හිතුන වාර අනන්තයි)