කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක රැඳි සිසිලින් පිරුණ
මුඳු බව රැගෙන සමනළ තටුවල රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් රැගෙන...
අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...
මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා
සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී......
බලාපොරොත්තුව පිරී උතුරා යන සුන්දර කව්පෙලක්, ලස්සනයි.
ReplyDeleteසුබපැතුම්!
හරිම ලස්සනයි. සංවේදී බව උතුරා යන විදියට ලියල තියනවා.
ReplyDeleteමිහිමත පරම සුව හා සැප සතුට වෙලා
ReplyDeleteජීවිත කථාවක් යයි හෙමි හෙමින් ගලා
පෙම්වත පෙම්වතියකට ලිවු කව් සඳැස් බලා
පෙම් සිත කොහේ දෝ තිබු යලි අලුත් වෙලා
@
ReplyDeleteගල්මල්,
මැනික් ,
ශ්‍රි මංජුල
ගල්මල්, මැනික් ,ශ්‍රි මංජුල තුටුව සිත
මා දුටු සිහිනයේ කදිමට කිමිද ඇත
කොයි කොයි සිත් වලත් නොමියෙන සිනහවත
මේ සිහිනයෙන් බෝ ඈතට රැගෙන යත
බලාපොරොත්තුව නෙත් වල දිලිසෙනවා
ReplyDeleteඇගේ සිහිනයේ නූඹ නිතරම රජ වෙනවා
කුමරිය කුමරා සමගින් නිති එක් වෙනවා
ඔබගේ පැතුම මතු දවසක රජ වෙනවා
පැතුමන් පතන්නේ නිරතුරු එක්වෙන්නයි
එය සිහිනයක් සේ නොපෙනී නොම යන්නයි
ඇය ගේ ලොවේ තහනම් වැටි කඩවෙන්නයි
අලුත් හෙටක් නුඹ වෙනුවෙන් ඉදිවෙන්නයි
@වත්
ReplyDeleteසිතු දේම වේවා
සිතුවිළි බොද නොවේවා
සෙනෙහේ ගඟ පාවා
පතන කුමරා ළඟම ඒවා
සිතුම් ජය ගන්නයි
සිතුවිලි සපල වෙන්නයි
බාධා මැකෙන්නයි
අලුත් හෙට අද හෙටම ඒන්නයි
ඔබ පතනා කුමරිය මතු හමුවෙන්නයි
ReplyDeleteදෙසුලැගිලි රන් හූයෙන් පැටලෙන්නයි
පින්වත් පැටව්න්ගෙන් ලක් මව සනහන්නයි
ආසිරි ගෙනාවෙමි මම එය ඉටුවෙන්නයි
බෝ විගසින් ඒ ලද ඔබ සතු වේවා
ඔබ දෙපලටම පින්වත් දරුවන් වේවා
සැමදිනකම සිත් සතොසින් පිබිදේවා
මුලු ජිවයම එක බැල්මට නතු වේවා
@ මම
ReplyDeleteඇවිදින් ඉද හිටලා හෝ දුක සැප බලන
ඔබවන් මිතුරියන් බෝ සතුටකි ඉතින
පැතුමන් ඉත සිතින් ඉටවන්නට පතන
එපිනෙන් ඔබෙත් නොපිරුන පැතුමන් පිරෙන