කොහේ සැඟවිනිද ?....
පුන් සඳ සේම මෝරා අහසේ දිලුනු
රන් කෙදි සේම පිපි සූරිය මල නමිනු
පින් බර සුමුඳු වත මා වෙනුවෙන් පිපුනු
සන්තක වුනාවද? තව හිතකට කුළුනු
සූරිය මල කොහේ පිපුනත් හිරු පල්ලා
සූරිය මඟම ගති, නිරතුරු නෙත් අල්ලා
වීරිය පාරමී නුඹ වෙනුවෙන් ඉල්ලා
කාරිය කිම මෙසේ, මම මෙහෙ තනි කරලා
පිපුන පිපුන මල් අතු අඟ පරවීය
බමන බිගුන ගෙන් අඩුවක් නොම වීය
කුමන කවට කම්,වුව දම් එකසේය
ගිමන නිවන මඟ, කවදත් පිටුපෑය
හිතින් වැළඳ ගෙන හිත තුල රුවාගෙන
ගතින් සිතින් එක්වන දින හදාගෙන
අතින් අත සපත, සුළඟේ ගසාගෙන
ඉතින් නුඹ කොහිද මම මෙහෙ බලාගෙන.....
පියවිලි අතුරමින් පෙරමඟ කොඩි ඇන්ද
මැසිවිලි කියන්නද හිතකට පෙම් බැන්ද
සිතිවිලි නුඹ දනී, ඒ හිත දුක් වින්ද
පැටලිලි නම් තමයි,අසලක නැහැ නින්ද
එපා කියද්දිත් නෑසිය මිතු රෑන
නුඹේ සිහිනයෙම කෙලවර අල්ලාන
මහා දුරක් නොව දින ගනනකි නේන
කොහේ සැඟවිනිද? කවුරුද මට කියන...
මේ තරමටම ඔබ ඇයි ආලය කෙරුවේ
ReplyDeleteඈය හට ඔබව අමතක බව ඈයි සිතුවේ
ඇය මංමුලා වී ඇත ඇගෙ සිත් මඪලේ
ටික කාලයක් දුන්නොත් නරකද සබඳේ
අපුරුයි ..........
ReplyDeleteදුක් වනු එපා ඇය නෑ ඔබ රවටන්නේ
ReplyDeleteමෙමට වඩා ඔබමයි ඇය ගැන දන්නේ
ඇගේ සොදුරු සිත රිදිලද නෑ දන්නේ
තව කෙටි කලක් ඇය වෙනුවෙන් ඉවසන්නේ..
@වත්
ReplyDeleteරෑ බෝ වෙන්න ළඟ ජීවිත සැන්දෑවේ
මම මඟ බලන්නෙමි, මන්දෑ නුඹ නාවේ
ඇයි ..? මං මුලාවී,ඇයි..? හිත ගිනි ලෑවේ
කාලය තමා නිතරම හරහට වූවේ
මහ මෙර තරම් දුක් උහුලපු නුඹෙ පුපව
ReplyDeleteදුක් ගිනි නොදෙන්නෙමි නැවතත් කිසි දිනෙක
වෙන්වනු නොහැකි බව දන්නෙමි නුඹට මට
හිත කරදයි කීමට මට නොහැක එය
@රවා
ReplyDeleteඇවිත් මේ දෙස
අකුරු හතරක්
ලියන ඔබවත්
අපූරුයි
ගලා ගෙන යන
අතිතයේ
ගඟ.. ගලන
අවුරුත් අපූරුයි
@මම
ReplyDeleteදුක් වනු නොවේ, මේ ඇත්තයි කියන්නේ
දැක්මම නොවේ අපගේ සිත් හදන්නේ
වික්මැති පෙම කොහේ ඉද තනි රකින්නේ
ඉක්මන් නොවී මම මේ මඟ බලන්නේ
@වත්
ReplyDeleteමහ මෙර තරම් බර මෙතුවක් උසුලාන
ආ මඟ නුඹේ හමුවත් ආසිරි ගේන
යා නොහැකිය මඟක තනියම නුඹ නේන
පින්බර නුඹය මට හිරු ,තරු, සඳපාන
ජීවන ගමන නුඹ හා යන්න
ReplyDeleteඈ ඒවි ලඟදිම ඔන්න
ඒ දිනය ඈතක නොම වන්න
පැතුමයි මාගෙ හද පතුලෙන් පැන්න
@චමිදේවා
ReplyDeleteබොහොම පිං මේ දෙස
ඇවිත් දුක සැප බැලුවට
දිනක් ඒයි අපහට
ළඟදීම, හැබැහින්ම
හමුවට....
අතින් අත සපත කෙරු ඒ දින පල්ලා
ReplyDeleteසිතින් වැළද ගෙන මම නිරතුරු සිටියා
ගොසින් කොහොම මාපිය බස පිටුපාලා
ලගින් ඉදිමි මතු බවයක ඔබෙ වීලා
ප්‍රියංගි
@ ප්‍රියංගි
ReplyDeleteහිතන්නට පවා වූ බියකරු හීන
දකින්නෙමි දවල්ටත් රැ විලසේම
ඉතිං තවත් භවයක් ගැන හිතලාම
තුටින් සින් කරමු මේ භවයේ දීම
තරු පොකුරකින් රන් තරුවක් නෙලාගෙන
ReplyDeleteමල් අහුරකින් මල් සුවඳත් සොරාගෙන
ජීවිතයට ඔබේ සඳ හිරු පුරෝ ගෙන
ඇය ලඟ ඒවි නොහඬන් හිත තලාගෙන
මැණික්(සුළඟ)
පියඹ නොදුටු විහඟකු ගේ තුඩින් ගලා
ReplyDeleteදුක් ගීයක් ඇසුණි මා දෙසවනම වෙලා
ඈ කොහිද????? යයි විමසයි සැම තැනම බලා
ඔය ඉන්නේ!!!! ඔබේ හද පතුලටම වෙලා
@ මැනික් (සුළඟ)
ReplyDeleteඒ තරු එළිය මට නිසි මඟ කියාවී
මා පැතු මලේ සුවදින් හිත හදාවි
ජීවන මගේ අත්වැල ඈ සදාවී
ඈ එන මගේ ඇස් දල්වා ඉදීවී
@ ශ්‍රි මංජුල
ReplyDeleteමිටි කොට සුරැකි විහඟිය දිවි සපුරාම
සිටි හැටි මතක් වී දුක් කවි මතුලාම
වට පිට බල බලා කල් ඇරියට තාම
ඔබ හරි ඇය හිදී මගේ හිත පතුලෙම