කාලෝ අයංතේ
සිනා සපිරි මුව මඬලට එළිය ගෙනානුඹේ පෙරමඟට පාවඩ අතුරවනා
නැවුම් අරුනැල්ලකට ඉඩ සලසවනා
දිනක් වේද? හෙට අපගේමයි කියනා
බුදුන් දෙවියනුත් විකුනාගෙන බුදින
දෙමාපියන් වුව රුපියල් සත කරණ
දුවා දරුවනට අඩු ලංසුව තබන
මහා ධර්ම ද්වීපය මේ යැයි කියන
මහා නගර මැද වග වලසුන් පිරුණ
විසල් පුද බිමෙත් නැති විය හව්හරණ
ගෙයින් පිට වෙලා යළි ගෙදරට පැමින
නුඹේ හඬ ඇහෙන තුරු කොහෙදෝ නිවන.
සිතූ දේ ඇති පැතූ දේ ඇති ලොවක් කොහිදැ මා මිතුර..ඇත්නම් ඒ දෙව්ලොවම වෙයි...
ReplyDelete@indi
ReplyDeleteසිතූ දේ නොමවෙන
නොසිතූ දේම සිදුවෙන
මේ අපේ උරුමය (කරුමය)
කියා වෙන හැමදේම විඳවන
ධර්මද්වීපය කියන නාමය විතරයි අපිට අද ඉතුරු වෙලා තියෙන්නෙ.
ReplyDeleteකොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් ....
ReplyDeleteඅපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් , සැබෑම සිහිනයක්!! ♫♪
@ isimbuwa
ReplyDeleteබණ කිව යුතු ඈයෝ රට කරවනවාය
රට කරවන ඈයෝ වැදි බණ දෙශනාය
හදි විය යුතු සියලු දේ අඩු නැතිවාය
මදි නොකියන්න අපි තරගෙට කනවාය
@ දැලි පිහිය
ReplyDeleteහැමදාමත්ම අපි පොට වරදවාගෙන
කවදාවත්ම නැහැ පාඩම් ඉගෙන ගෙන
හැම සිහිනයම සිහිනෙක නොරදවාගෙන
නැගිටිය යුතුයි ! දැන්වත් හිත හදාගෙන