Monday, 7 June 2010

පියා නුඹේ කිරට ගියා


15 comments:

  1. මුදල් කියන දේ අපේ බැඳීම් වලට මොන තරම් බලපෑමක් කරනවද ?

    පියා එතෙරට ගියේ මුදල් නිසානෙ....
    හරිම හැගීම්බව....පද ටිකක්

    ReplyDelete
  2. සල්ලි දෙයියන්ගේ අයියා :)

    ReplyDelete
  3. @ දිල්, හසිත

    නැති බැරි කම් ඇවිත් ගේ දොර ජනෙල් අරී
    දරු වන් නිසා පියවරුනට එරෙයි කිරී
    ඒ කිරි කදුළ සරි කරනා මඟ ඇහැරී
    ඇතියෙන් පවුල් කොපමන නම් වෙද විසිරී

    ReplyDelete
  4. පවුලක් නම් එක්ව ඉදිමයි සැපත
    සල්ලි නිසා දුර ඈතින් වෙයි නපුර
    සල්ලි නොවෙයි ආදරයයි දිවිමතුර
    පියඹා එන්න නුඹ නැවතත් අපෙ ළගට

    ReplyDelete
  5. @ වත්

    නැති බැරි කම් පැලට ඇවිත් කෙදිරි ගාපු විට
    නුඹම තමා පාර කීවේ කහවනු පොරයට
    දිනෙන් දිනම හතිවැ‍ටුනෙන් ආ කාරිය කොට
    පාර තවම මතකයි, මම එන්නේමි විඟහට

    ReplyDelete
  6. හරිම සංවේදී පදපෙලක්.
    මෙ කර්කෂ ජීවිතයේ අනන්තවත් මොවුන් මුණ ගැසේ.

    ReplyDelete
  7. අගහිගකම් ගෙපිලට විත් තට්‍ටු කරන කොට
    මුහුදු හතෙන් එහා ගියා කහවනු සොයනට
    දොස් කියනුයෙ ඇයි මාහට පාර කියු විට
    කිරි සිහිනෙන් මිදී නොයා එනු මැන හනිකට

    මදනල ගේන කිරි සුව ගත දැවටෙවා
    රලපෙල ගේන නැලවිලි දෙසවන ‍රැව්දේවා
    දුගේ මුවමඩල සදමඩලෙන් දිස්වේවා
    වෙන සිහිනයක සිත වල්මත් නොමවේවා

    ප්‍රියංගි

    ReplyDelete
  8. ඔහු යා යුතුව ඇත..
    සුවබර හෙටක් තනනට..
    පැමිණෙන තෙක් නැවත..
    අනුකම්පං උපාදාය.. බොහෝ ඇත..
    දොර නාරින් අමල්බිසෝ...

    ReplyDelete
  9. @ ගල්මල්-coral
    දකී සහසක් පියවරුන් මෙහේ
    නොකී දුක් කඳ දරන්
    එකී උනුනගේ හිතේ සොම්නස්
    මැකෙන්නට ඉඩ නොදෙන්
    හිතෙ සවියට ඈත කොනකින්
    ලියුම් කොලයක් පතන්
    ඊමේල් නැති තවත් පිරිසක්
    කල් යවති මේ ලෙසින්

    ReplyDelete
  10. @ප්‍රියංගි

    දුකය කියා හිත් තැවුලක් නොගනින්නයි
    තනිය කියා සංකාවන් නොහැගෙන්නයි
    දිරිය දෙමින් පොඩි වුන් සිත් සනසන්නයි
    එමිය මම දුවන් පොඩ්ඩක් ඉවසන්නයි

    මදනළ කොහෙද මෙහෙ අව්වට රත්වෙනවා
    රළ පෙළ නම් ගෙදර විස්තර පවසනවා
    සඳ මඬලත් තරුත් තනියට විත් යනවා
    දු‍ටු සිහිනයේම මම මෙහ වල්මත් වෙනවා

    ReplyDelete
  11. කවිය පොඩියි අදහස ලොකුයි....

    ReplyDelete
  12. @ indi
    මහ මුහුද හැදෙන්නේ පුංචි ගඟා ගලාලයි
    ගඟහි උපත වන්නේ උල්පතයි කන්ද පල්ලේ
    හිතෙහි නැඟන අදහස් පුංචි වූවත් ඉතින්නේ
    එයින් හැඟවෙන අරුත් නම් මහා කවියක් වගෙයි නේ

    ReplyDelete
  13. @ මාතලන්

    ගෙවා ගැනුමට ණය
    හෝ
    හදා ගැනුමට ගේදොර..
    බොහෝ කලකට පෙර
    මෙහේ විත්
    අවුරුදු දෙකකට.........
    කාලය ගෙවුනි බොහෝ දුර
    හිරු සඳුත් දන් මහලුය
    ඒත් ..
    තවමත් නොරටය

    ReplyDelete
  14. අනේ මේ පද ටික මාව ඇඩෙව්ව විහඟ ගීතය ඇයි දන්නවද මගේ අක්කගෙයි අයියගෙයි පුතාල දෙන්නගෙයි කතාවත් මේ වගේ නිසා.

    ReplyDelete
  15. @ isimbuwa
    දෙතැනක ඉදන් එකදෙස බලමින් ඉන්න
    කොතැනක වුනත් එක සිහිනෙම දකිමින්න
    කතරක ඇවිත් ගෙවනා අවුරුදු ගොන්න
    දැරු දුක ඉමහත්ය දරුවන් ‍රැකගන්න

    ReplyDelete