කුඩේ තියාගෙන
තුඩෙන් තුඩ තියා කී ගී නිමක් නැතී
හැඩෙන් හැඩ බලා කොපමන කලක් වෙතී
විඩෙන් විඩ මෙලෙස හමුවී පලක් නැතී
කුඩෙන් මුවා වෙන්නට නුඹේ හිතක් නැතී
සියල් සපිරි පතිකුල මුනිවත බිඳින
විසල් ලොවක දෙදෙනෙකු එක්වී බැඳෙන
විකල් නොවී පෙරමඟ අරමුන හැඳින
රුකුල් වෙනු මැනේ අත අල්ලන් ගමන
හඬේ බාලවී දොම්නස හිත ඇඳුන
මඩේ හිටියා සේ අරමුනකින් මිඳුන
හැඩේ නුඹ මසිත සහසුද්දෙන් හැඳින
කුඩේ තියාගෙන අපි වැස්සේ තෙමෙන
කුඩේ තියාගෙන පොද වැස්සේ තෙමෙන
ReplyDeleteපෙමින් බැඳී අතිනත් අරගෙන බැඳුන
එක වහලක සෙවණේ දිවි ගෙවන දින
කුඩේ මදි කුඩ දෙකක් ම අවැසි වන
නුඹත් නුඹෙ සිතත් කවදත් මම කැමති
ReplyDeleteකුඩෙත් නුඹෙ අතෙයි සැමදා මා කැමති
වැස්සට ගොඩ වෙලා හිත රිදවා ගත නොහැකි
තෙමි තෙමි ඉඳිමි වාවාගෙන දුක සදිසි
හිතේ තියන් දුක් උසුලනු බැරි හින්දා
ReplyDeleteමෙපමණ ලං වෙලත් දුර කින් සිත රන්දා
නුඹටම දොස් කියා හිත පෑරුව හින්ද
දඬුවම් කරනු මා අත වරදයි සැමදා
ළං වී තෙපුල් පවසා සිත හදන්නට
ReplyDeleteඅවැසි නමුත් මේ මුනිවත බිදින්නට
පවසා ගත නොහැකි කඳුළක් උරුමයට
මම නම් මෝඩ ළඳකී පෙම් කරන්නට
හරීම ලස්සනයි... කුඩේ කැඩුනු ගීතය මතක් උනා...
ReplyDeleteගීතයකට මරු....
@චේජනා
ReplyDeleteවැස්සට මුවා වී එක කුඩයේ හිදින
දවසට නම් කුඩේ ඉඩ කඩ මදි නොවින
ගස්යට නැවතිලත් පොද වැස්සට තෙමුන
පසුවට කුඩ නොවේ වහලෙත් හිල් පෙනෙන
@වත්
ReplyDeleteඇවිත් දුර ඉදන් පොද වැස්සෙන් මුදන
කුඩත් ඉහලගෙන කල්බලමින් රැඳුන
නමුත් ඒදිහා බැල්මක් වත් නොලන
මමත් කුඩ දරාගෙන වැස්සෙම තෙමෙන
@මාතලන්
ReplyDeleteඇවිත් ලියූ දේවල් කියවනා නිති
ඔබත්, අදහසුත් , තව කවි සිත් හදති
"කුඩේ කැඩුනු ගීතය" මම අසානැති
ඇසිය හැකි මඟක් දන්වා එවනු සකි
සියල් සපිරි පතිකුල මම බිදින්නෙමි
ReplyDeleteවිසල් ලොවේ මා තනිවී සිටින්නෙමි
විකල් සිතින් නුබ යනමග බලන්නෙමි
රුකුල් නොදී කුඩෙන් මුවා නොවන්නෙමි
එක් වී කියු ගී දෙසවන රැව් දෙනවා
හැඩෙන් හැඩ බැලු එදවස් සිහිවෙනවා
විඩෙන් විඩ අපේ දබරය රජයනවා
කුඩෙන් මගේ මුන පමනක් සගවනවා
ප්‍රියංගී
කුඩේ අත ඇතත් එන්නට බය නම් ඈට
ReplyDeleteසියල් කුල සිරිත් බිඳින්න කිව හැකිද
අතේ දුරින් මිතුරන් වී හැම දිනම
සිටියා නම් මේ කිසි දුක් නෑ නේද . .
කුඩෙත් අරන් නුඹ දුර ඇතක ගියෙද
ReplyDeleteඅනෝරා වැස්සෙ මම තෙමි තෙමි නේද
කුඩෙත් එපා විග නිගහින් නුඹ එන්න
දුකෙන් තෙමී මම මිය යන්නට ලගය
අනේ මට මේ පෝස්ට් එක මගහැරිලනෙ. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින් ඔයාගෙ කවි කොහොමත් ලස්සනයිනෙ.
ReplyDeleteකඩේ කුඩේ තියෙනා වැස්සක් සොයන
ReplyDeleteකුඩේ අතේ තිබිලත් තනියම ගමන
කඩේ කුඩේ තියලා වැස්සේ තෙමෙන
කුඩේ යටින් එක්ව යන්න වැස්සක් වහින
@ ප්‍රියංගී
ReplyDeleteපතිකුල බිදන් ලොව තනිවී සිටීවිද
හැමකල එලෙස ඉන්නට හිත හැදේවිද
මියගිය මතක සිහිනෙක සේ රැදේවිද
පොද වැස්සකට වත් හිරිකඩ වැදේවිද
@දුකා
ReplyDeleteපොද වැස්සෙන් මුවා කරගෙන අත අල්ලන්
එක කුඩයක මුවා වී සිත සැනසිල්ලේන්
යන මේ ගමනේදී, ඇය මගේ ළඟ ඉන්දන්
යා හැකි නම් යෙහෙකි හිත සතුටෙම රන්දන්
@වත්
ReplyDeleteකුඩෙත් තියාගෙන වැස්සේ තෙමීගෙන
ඇවිත් නුඹ දකින්නට හුදකලා වෙන
මහත් වැසි යයි නොසිතුවා මෙන
අනේ නුඹත් මම වාගේම තෙමීගෙන
@ isimbuwa
ReplyDeleteඇවිත් නිතරෝම මේ පැත්තේ යනෙන
කවිත් බලා ගෙන එහි ගුණදොස් ලියන
නමුත් ගිය දවස් වල මෙදෙසට නො එන
අමුත්තක් දුටිමි ඇයි? වැස්සද වහින
@ ගල්මල්-coral
ReplyDeleteපියාබන විහඟයිනි වැස්සේ තෙමෙන
සොයාගෙන එයිද කවුරුත් කුඩ රැගෙන
බලාගෙන මගක් පොද වැස්සෙන් මිදෙන
තියාගෙන කුඩේ හැමදාමත් තෙමෙන