වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Sunday, 20 June 2010
විපිළිසර වී..
ඇවිත් ගියත් යළි නැවතත් එමිය කියා
පුවත් නොදැන සඳ හිරු නම් ඇවිත් ගියා
නුඹත් තවත් කඳුලක් නෙතු අගට තියා
ගියත්, සොඳුරු සිහිනෙම මම දෙනෙත් පියා
"පිපි මල් සැවොම පරවී යන නමුඳු ලොවේ
මල් පිපෙනුයේ පරවී යන්නටම නොවේ"
යනුවෙන් දෑත් බැඳුනත් ලෙස පුරුදු භවේ
ගිනිගත් මසිත තවමත් නුඹේ නමින් දැවේ
අරුමය කියා දී දිවියේ ළඟින් හිඳ
උරුමය නුඹම විය හැමදා නුවන් බැඳ
පිළියම නොදත්තෙන්, රැකවල් බිඳින ලද
කරුණුය විපිළිසර මගේ හිත මඩින ලඳ
බෝසත් ගුණ දුටින් තැන්පත් රුව ගාව
පෝසත් නොවින සිතුවිළි විසිරුනි පාව
පෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ජීවත් වුනේ වෙනමම ලෝකෙක යාව
පාවෙන සුළඟකත් සුවඳම පතන්නෙමි
නැහෙන දුරක සිටියත් මඟ බලන්නෙමී
වෑහෙන කඳුළු සඟවා දුක දරන්නෙමි
පේවෙන මසිත නුඹ වෙනුවෙන් තබන්නෙමී
හිත දුක් කර ගන්න එපා විහඟ....
ReplyDeleteබෝසත් නුඹේ සිත සුවඳයි හැමදාම
නාවත් ළඟින් සිත ඇත්තේ නුඹ ගාව
මාවත් මෙහෙන් අරගෙන ගියොතින් හේම
මාගේ මවත් නුඹ මෙන් තනි වෙයි නේද?
නාවත් ළඟට සිහිනෙන් නුඹ දකින්නෙමි
කාටත් නැතත් නුඹටම පෙම් කරන්නෙමි
මගේ සතු පණත් නුඹටම පුද කරන්නෙමි
නෑවිත් ගියත් හදවත නුඹෙ පතන්නෙමි
කියල ඇය කියාවි.....
Dennagema kavi dekama
ReplyDeleteLassanayi habayi dukayi...
ඔයාට හොඳ සහජ කවිත්වයක් තියෙනවා. ඔයා නිසඳැස් කියන කුකවි ලියන්න නොපෙළඹීම ම ඒකට සාක්ෂියක්. ඒක තව කවිය ගැන හදාරලා වර්ධනය කරගන්න.
ReplyDeleteකවියේ එක ම ආකෘතිය සිව්පදය නෙමේ. හුඟක් තව ආකෘති තියෙනවා. අපේ වස්තු විෂයට උචිත ආකෘති එතනින් තෝරගන්න ඇහැකි. සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විද්‍යාව, අමරසේකරගේ සිංහල කාව්‍ය සම්පද්‍රාය කියැවීම ඔයාගේ කවිත්වය වර්ධනය කරගන්න හොඳ රුකුලක් වේවි. ජය!
http://makarandaya.blogspot.com/
මේ කවි සංවාද මාර සුන්දරයි . . ලියන සමහර ඒවා දුක්බර වුනත් කවි ඇහැකින් බැලුවාම දුකත් සුන්දර ව පේනවා . . .
ReplyDeleteපෑවත් නිකැල් සෙනහස නුඹේ හිත ගාව
ReplyDeleteජීවත් වුනේ වෙනමම ලෝකෙක යාව
මොන ලොව ජීවත් වුවද මේ කවි ඔබ ලීව
සුපර් කියමි වෙන වර්ඩ්ස් නැත මා ගාව!!
@වත්
ReplyDeleteකල් බලා හිදින්නෙමි දුර ඈත ඉදන්
ලංවෙලා හිඳින්නට පිං නැතිව ගිහින්
හැංගිලා බැන්ද පෙම ගං දෝර ගියෙන්
නිල්වලා ගඟට රහසක් නොවිය ඉතින්
කියල ඔහු කියාවි......
@ Muthu Paba
ReplyDeleteසිතූ දේ නොමවෙන
නොසිතූ දෙයම සිදුවන
වියෝගය ඉවසන
තවත් හදකට එබී බැලුවෙන
@ නාමල් උඩලමත්ත
ReplyDeleteකවි රසය විඳිමින්
මහඟු උපදෙස් දෙවමින්
විහඟ ගී අසමින්
අයෙත් දවසක යන්න ඇවිදින්
@ දුකා
ReplyDeleteමොරගහ හේනේ බසයේ හිඳ බැස දුවපූ
ඔහු ඔබ වගේමලු නිතරම දැක හිටපු
සැහෙන කාලෙකිනි කොහොමද වැඩ පුරපූ
අලුතින් කතා කෝ? ටෙක් දිවියෙහි ලියපු
@ දැලි පිහිය
ReplyDeleteහරි මඟ යතොත් හරි අත් වැල පතාගෙන
දිරියකි එයම දිවියට සෙත සදාදෙන
වියොවින් වියුක්තව පෙම පුබුදුවාලන
දැලි පිහියකින් කිරි කනවා වගේ මෙන
පාවෙන සුළගෙත් මගෙ සුවඳම සොයනා හන්දා
ReplyDeleteවෑහෙන කඳුළුත් නුඹෙ දෑසින් මා වෙනුවෙන් හන්දා
පේ වෙන සිතත් නුඹෙ මා වෙනුවෙන් හන්දා
නෑහෙන දුරක සිටියත් ම'සිතේ ආලය ජීවත් කරමි නුඹ හන්දා
@isimbuwa
ReplyDeleteනැහෙන දුරක සිට මාවෙනුවෙන් පේවී
පාවෙන සුවඳ විඳිනට දවසක් ඒවී
ඒ ගැන සිතමින්ම හිත නුඹ වෙත යාවී
වෑහෙන කඳුළ වුව සතුටක් ගෙනදේවී
බිසී නිසා හමුවනු නොහැකිව තැවෙන
ReplyDeleteවරක් දෙකක් නොව සැමවිට සිහි නැගෙන
නැතත් ලඟින් උණූසුම නිතරම දැනෙන
ඇවිත් යන්න නොහැකිද සුවඳත් රැගෙන
@ වත්
ReplyDeleteදී නෙත් සිනාවෙන් මුඳු දෙහදක් බැඳුන
මා නෙත් මායිමට තව ලංවනු නොහෙන
ඒ හිත් මනාපෙට ලංවී ලොබ බැඳුන
නාවත් නිතර හමුවෙන සිහිනම රැඳෙන