අනේ දෙවියනේ මට වුන වියෝයා
ගුණේ නැති එවුන් මා හැර ගියෝයා
තැනේ ලෙසට ඇණ ගසමින් රැකේයා
පිනේ මහිම! නායක කම මගේයා
අඩු පාඩු නම් ඇත තව නොකෙරුන හරියෙත්
හඩු දේශපාලන වැඩ පිළිවෙල නොමවෙත්
ගුඩු ගහනා එවුන් බැදගෙන ඉඳ, සිරිකොත්
නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්
දර දිය ඇදපු අය වට රවුමට කොටුව
පුරු කිය කියා තවකෙක් අලියට කෙටුව
දුර දිග දුටු අයට රජමැදුරෙහි පඩිය
කරුමෙක මහත, පලදෙන හැටි සුදු කොඩිය
අතින් වැටුන කඩුවත් අතටම දීලා
සටන් කරපු දුටුගැමුණුගේ රජ ලීලා
නිකන් මතක් කර නව අරුතක් පාලා
සටන් කරණු තරු, කඩු ආපසු දීලා
සිය සිය දහස් ගනනට මංපෙත් සදමී
ගිය ගිය තැනෙක අඹ පැලයක් හෝ හදමී
පිය පිය සබඳ, දැන්වත් නවතා නොතැවී
කිය කිය නොඉද එනු, රජ ගෙයි දොර අරිමී....
ගුණේ නැති එවුන් මා හැර ගියෝයා
තැනේ ලෙසට ඇණ ගසමින් රැකේයා
පිනේ මහිම! නායක කම මගේයා
අඩු පාඩු නම් ඇත තව නොකෙරුන හරියෙත්
හඩු දේශපාලන වැඩ පිළිවෙල නොමවෙත්
ගුඩු ගහනා එවුන් බැදගෙන ඉඳ, සිරිකොත්
නඩු කාරයන් හට ගල් ගහමුද අයෙමත්
දර දිය ඇදපු අය වට රවුමට කොටුව
පුරු කිය කියා තවකෙක් අලියට කෙටුව
දුර දිග දුටු අයට රජමැදුරෙහි පඩිය
කරුමෙක මහත, පලදෙන හැටි සුදු කොඩිය
අතින් වැටුන කඩුවත් අතටම දීලා
සටන් කරපු දුටුගැමුණුගේ රජ ලීලා
නිකන් මතක් කර නව අරුතක් පාලා
සටන් කරණු තරු, කඩු ආපසු දීලා
සිය සිය දහස් ගනනට මංපෙත් සදමී
ගිය ගිය තැනෙක අඹ පැලයක් හෝ හදමී
පිය පිය සබඳ, දැන්වත් නවතා නොතැවී
කිය කිය නොඉද එනු, රජ ගෙයි දොර අරිමී....
එන එන පැත්තට ගහ උලුවස්සා තියරිය හැම දේටම යොදන අපේ උන්දැලාගේ අනාගත ප්ලෑනින් ගැන නම් කවර කතාද?..වෙනස්වීම වලට පහරමින් පූජනීය අතීතයක එල්බගෙන හිඳිමුද බලියාගෙන කට...ගයමින් උපන්ගෙයි පාරට්ටුව තව තව.........
ReplyDeleteආවත් රොද බැඳ පිල් පැන පේලි සැදී..
ReplyDeleteඇත තව බොහො ඉඩ නොකියන්න මදී..
තනතුරු පෙනෙන විට කවුරුත් නිතර වඳී..
මේ ලෙස ගලා යයි රට ඉදිරියට ඇදී...
@ Shadow/හේමලයා
ReplyDeleteනඩුකාරයන් හට ගල් ගහමින් ඒකත්
මානව අයිතියක් බව හඟවා යහපත්
රට කළ උදවියම අද යළි වී නිරුවත්
නඩු ගැන කතා කරනවා ඇහුනද? තාමත්
@ priyantha.ඒබී
ReplyDeleteහැමදාමත්ම ඔය ටික ඔය විදිහටම
සිදුවේ යළි යළිත් සුපුරුදු තාලෙටම
කැසපොට ගසන අය ගෙන තබමින් උඩම
මේ ටික කරන්නේ හැමදාමත් අපිම
ඉඟුරු දීල හැමදාමත් මිරිස් ගනී
ReplyDeleteකැහි ගෑනිට හොටුගෑනිව මාරු උනී
දුවන මුවන් හට කොළ විසිකර දැමු වෙනී
අපි හැමදා වලිගය නැති ගොනා වැනී
@ දුමී
ReplyDeleteඉසරදයට මාරු කර ගනිමින් කොට්ට
හැමදාමත්ම අඩුවක් නැහ කන කට්ට
උන් හැමදෙනාටම ඉන් වාසිය පොට්ට
තව කාලයක් ළතවෙමු ගසමින් ගොට්ට
ලංකා භූමියේ තිබු ලොකුම පක්ෂය...
ReplyDeleteඵල දෙන කරුම දැක හිත පත්තු වෙනවය..
පක්ෂෙට මැරෙන ගම්වල ඉන්න උදවිය...
සාටක ගන්න දුව වර දැකලා ඉදිරිය....
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDeleteඇතිවීමත් වගේ නැතිවීමත් පොදුව
පල දේ කලින් කල දිය දහමට අනුව
අලි, කොටි, නරින් හට ඉතිහාසයේ පිටුව
ගෙනදී තිබේ....දැන් මේ අයගෙයි පුටුව
රට යන අත ..රට එරෙන සද...
ReplyDelete@ ඉලංදාරියා
ReplyDeleteගත්විට බලය එක්වී රජ සැප විඳින
ගන්නට බලය දුක්විඳිනා හැටි පෙනෙන
දෙන්නට බලය ගොස් අපි කෙමනට වැටුන
මින් රැළ කට වැඩිය, ගොන් රැළකිය අමන