මුඳු සඳට සුදු
හාදු දී පුද
දුන්නු
නිකළැල් ආදරේ
පිටුපපා විද
මේ ලෙසින් අද..
සිහිනෙකින්වත්
නොහැඟුනී
ගෙට ඇවිත්
ඝණඳුරට එළියක්
වී රැඳෙයි
සිතුවත් නොවේ
මේලෙසින් හිත
ලොබ බඳින්නේ
ඇයි?
කියා නම් නොදැනුනී
නොදැක,
රුව ගුණ,
ගෙවුන දින, දින
හිත තබා..
හිත් මායිමේ
අකුණු සැර වැද
බිඳුණු වරපට
රුදුරු සුළඟට
යාවුනී
ඒත් මම
තවමත් මෙහේ.........
..........
නුඹම දුටු
ඒ සිහිනයේ
මුඳු සඳට
දුන් හාදුවේ
සුළං පොදකට හාදවී......
බිඳුනු වරපට යලිත් එක් කල
ReplyDeleteනමුත් නැත පෙර සේ බැඳී...
සිතත් එහෙමයි වරක් බිඳුනොත්
සදා පවතියි සුව නොවී...
කියන්නට නම් බොහො දේ ඇත
එහෙත් සිත ඇත ගොලුවෙලා...
ලියා යන්නම් පද පෙලක් මෙහි
මගේ ලොවෙ මං තනිවෙලා...
@ ප්‍රියන්ත.ඒබී
ReplyDeleteජීවිතේ හැමදාම ඔහොමයි
හොයන දේ නම් හමුනොවේ
"සොයන්නාටම හම්බවේ" යැයි
කියත්, එය එහෙමම නොවේ
ලබත් නම්,යම් දෙයක් දුක් විඳ
එය පැතූ ලෙස නොවූවත්
හිතත් ගොළුවී, නමුත් සැනහී
සිනාසෙනනෙමු සදා සිත්
හීන අහසේ පාකරන්නද ....
ReplyDeleteආදරේන් එය උපතක් කලේ...
අකුනු සර වැද බිදුන වරපට
හිතට හැකිවේ යාකෙරේ..
@ ඉලංදාරියා
ReplyDeleteහීනයකී හැමදාම දිවියම
සැබෑ වුන පසු එළිය දේ
අකුණු සැර,ගං වතුර, නියඟය
සැඩ සුළං යන මඟ රැදේ
හිත ලොබ බඳින හේතුව නම්......:(
ReplyDelete@ Shadow/හේමලයා
ReplyDeleteලොබ බදින කාරණා
නොමැත තව වැටහිලා
ලොබ බදි බව දැනේ,
හිත තාම රැවටිලා
සිතක් පිළිබද බිදුනු වරපට..
ReplyDeleteයා කරන්නට නොහැකි වේ...
බිදුනු සිතකින් ලැබෙන ඇරයුම්..
සොදුරු ආදර සුව නොවේ...
පරම පිවිතුරු සිතක් පිළිබද..
සිතක උපදින පෙම් සුවේ...
බිදී ගිය පසු නැවත කිසිදා....
පෙර ලෙසට ගත නොහැකි වේ....
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDeleteතැලෙන යකඩය තැලුන තරමට
පන්නරය ලදුයෙන් මනා
බිඳුනු, වැළපුනු හිතක ඉපදෙන
සෙනෙහසත් මුඳු සුවදෙනා
පරම, පිවිතුරු, ප්‍රථම ප්‍රේමය
සොඳුරු කල්පිතයක් විනා
පෙම්වතුන් ජය ලැබිය යුත්තේ
රැඳෙන සිතකිය ලං වෙනා