වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Wednesday, 11 August 2010
විකල් කවි
වයසට නොහොබිනා බහු කෝළම් රැගෙන
කැටිකොට නිවසටම ගොස් ඇඳ දා තිබෙන
නහුතෙට දියුණුවී ඉහමොල කිති කැවෙන
නියරට පිටින් කක්කුටු වලවල් මකන
ප්‍රේමාතුර සොඳුරු ඇස් නොදකින සේම
කාමාතුර රකුසෝ මං වළකති තාම
සීමා වැට කඩොළු දැන ගන්නද කෝම
සාමා අමරටත් මඟ වැරදුනි බෝම
ගමින් ගම තිබුන අම්බලමට නිතින
ගිමන් හරින තානයම් හතු පිපෙන
ගමන් කරන්නේ හොද අතකට නොවන
වරෙන් ගෙදර නොහැරම මඟ තොට ගිමන
ලැඟ මඟ තොට ලාභ තානායම් අතර
ඇඟ මසටම බැඳුන පෙම් වතුනේ නිතර
ඉඟ සුඟ මිසක හුදු සෙනෙහසකට පතර
මඟ පෙන්වන කෙනක් වෙත් දැයි කිව මිතුර
කොල්ලන් උපත් පාලන අඩු වැඩිය ගෙන
කෙල්ලන් ජාමේ බේරාගෙන කඩුලු පැන
සල්ලන් වුවත් කිම දොස්තර අතට ගෙන
පල්ලන් බහින්නේ අද නොව දිනේ එන
කල්පැන ගියපු කව් සිරිමත් බණ දැහැන
ඇල්මෙන් අකුරු ඇයි? සැතපෙන සිරියහන
විල්ලුද මත රැදෙන පින පමණිය නිවන
කල් යල් බලමු එනකොට විදිහට පැමින
නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!
වයසත් සමග එන කනමද කුලප්පුව
ReplyDeleteඅයෙකුට විනෝදයි අයෙකුට කඳුළු දෙන
ඉගෙනීමත් සමග ආලය පටල ගෙන
තේරෙන විටදි අශුවය ගොස් ගොඩක් දුර
තේරෙන විටදි අශ්වය ගොස් ගොඩක් දුර
ReplyDelete@වත්
ReplyDeleteවැඩිහිටියන් මුලින් දැනමුතු වියයුතුය
ඉඩ කඩ අගාදෙට මඟ වැළකිය යුතුය
උඩගෙඩි දෙන එවුන් නම් ගස් බැඳ යුතුය
වැඩකට ඇති හෙටක උරුමය අප සතුය
අප්පච්චියේ බරපතල කතාවක්...ඕකට ප්‍රධානම හේතුව අපෙ රටේ කෙරෙන ලිංගිකත්වය හැංගීමේ පුරුද්දයි...ඉතින් අපේ එවුන්ට ලිංගිකත්වය ගැන තියෙන එකම අධ්‍යාපනය තම කාම ච්ත්‍රපටි...වැරැද්ද කාගෙද? කොතැනද?...අපේම් කුහක චින්තනයේ නේද?...අනික කෙල්ලො දාහක් එක්ක බුදියා ගත්තත් නාල ගෙට ආවාම පිරිසිඳුයි පිරිමියා ලෝකෙටම....ඔක්කොමල්ල ඇඟිල්ල දික්කරන්න බලාන ඉන්නෙ ගැහැනියට.....ඒත් අපි කියන්නේ අපේ සමාජය බට හිරට වඩා ඉතාම ඉහලයි කියල...අනේ මන්දා...කවදානම් මිදෙන්නට ද මේ හණ මිටි මනසිකත්ව වලින්.....
ReplyDeleteදෙමාපියන් හා දූ දරුවන් හා පෙමිනා
ReplyDeleteබැඳි සිටිය පෙර කල ගරු බැතිනා
බිඳී ගිහින් ඒ පෙම කිසිවෙකු නොදැනා
කෙසේ හැසිරේද මේ දරුවන් සොඳිනා
දවසින් දවස සිත මුදලට බර වෙනවා
දෙගුරුන් දුවා දරුවන් ගෙන් දුර වෙනවා
දරුවන් අඳුරු මාවත අද තනි වෙනවා
දවසින් දවස මේරට බල්ලට යනවා
@Shadow/හේමලයා
ReplyDeleteකැටි කොට කවියකින් කියලා දමනු බැරි
අපිහට උරුම දේ බටහිර දකිනු බැරී
ගුරුකොට ගෙනා හොද යහගුණ කොහොම හරි
මතු පරපුරට සුරැකිය යුතු කවද හරී
@priyantha.ප්‍රියන්ත ඒබී
ReplyDeleteභෞතික පැති හඹා ඒ මත්තෙම නැහෙන
ලෞකික සබඳ කම් ගැන මායිම් නොවෙන
පව් දැක දැකත් පව් කරනට භය නොවන
සව් සිරි අපායකදෝ අපි දිවිගෙවන
හිත් වල සැබෑ සෙනහස පීඳුනු පසුව
අත් ඇල්ලිය හැකිය තුටුසිත් ලෙන්ගතුව
නැත්නම් මේ ගමන කෙළවරකුත් නැතිව
නැත්තට නැතිවේවී හිස් මිනිසුනන් ඇතිව
නාඹර වයසෙ ඔය පිස්සුව ඇති වෙනවා
ReplyDeleteකුඩා කලදි මේව අපිට හන්ගනවා
හැගුමට වහල් වී ගොන් කමෙ රජ වෙනවා
තේරෙන කලදි බොහො දුර ගොස් දුක් වෙනවා
@ Hasitha ජයසූරිය
ReplyDeleteයම් යම් වයස් වල ඉගෙනිය යුතු කරුණු
ඉම් බල බලා අත් විඳ ගත යුතු පුතනූ
නිම් තෙර දකින කල සිප් සයුරෙහි පිරුණු
දම්වැල ඉවත දා ඇයි මේ ලෙස ගිලෙනූ
නියමයි කවි ටික නියමට ගලපල තියෙනව.
ReplyDeleteහේමලය කියන කතාවටත් එකඟ වෙමි.
නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
ReplyDeleteවියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!
@Outsider
ReplyDeleteකාටත් තමගේ මත වල සිටි හැකිය
ඊටත් එහා ඒවට ගරු කළයුතුය
මාඅත් දකින්නේ රටකට යන කලය
කීවත් නැතත් නපුරට වැඩ වී හරිය
@ Amiththa's Blog
ReplyDeleteඇවිත් සොයාගෙන දොර හැර ගෙන යතුර
කවිත් අසා රස වින්ඳේ නම් මිතුර
අයෙත් ඇවිත් යන එන විලසට නතර
අමිත්තත් අමුත්තෙක් නොව අප අතර
වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා. මාතෘකාව නම් අළුතින් සිතිය යුතු දෙයක්. හැම දෙයක්ම තියෙන්නේ ආවරනයකින් වහලා විතරයි.
ReplyDeleteමැණික්(සුළඟ)
@ මැණික්(සුළඟ)
ReplyDeleteදකිනා දේ දිහා ඇස් නොහැරා බලන
සිටිනා බොහෝ අය වැද මැදිහත් සිතින
නොමනා බවක් පෙන්වන්නේ නැති බැවින
කියනා කවි, විකල් සිතකට හැර කුමන