වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Thursday, 12 August 2010
අමයුරු
ඇවිද එක යායක
පබැඳ රස පෙම් ගීයෙක
නොවිඳ මල් පහසෙක
කිමද ළතැවුල් කියනු ඇයි දුක
සුමුඳු මල් පෙත්තේ
නොවිඳු මෙළෙකකි ඇත්තේ
නමුඳු සිත් ගත්තේ
සිනිඳු බව මම රැකිය යුත්තේ
මල් නම් සුවඳමය
කල්යල් බලා තැවෙනුය
විල් තෙර බඹරු මය
මල් සුවඳ වුන් නිතර විඳිනුය
දනිමි ඒ කාරණ
හිදිමි වී විස්ෂෝපන
ඉඳිමි හද බැඳි තැන
පුඳමි පෙම මල වෙතම පෑහුන
ඇතිව හද පුරවා
නිති සෙනේ ගඟ හරවා
නැතිව හිඳ තනිවා
කිති කවා යනු බඹරු සමවා
පැණසර බොහෝමය
අණ නුඹේ හරි සොඳුරුය
මන දොල පිරේ මය
හමන සුළඟෙත් සුවඳ නුඹගෙය
බඹරු මෙහි වැන්නේ
තඹරු රස විඳගන්නේ
කවුරු විදවන්නේ
මියුරු රස ගැන නැතිද දන්නේ
නිරාමිස රසයත්
විඳීමට හැම අසමත්
ගැලීමෙන් මිඳිලත්
මෙමා අමයුරු රසම විඳගත්.
සුවඳ සිත සනසන
ReplyDeleteමලක පෙති හැඩ අදුරන
මලක සිත නොතලන
බඹරු ලොව හරි විරලය
එවනි බඹරුන් හට
දුක නොදීමය යුතුකම
පැමිණි විට මල වෙත
පවස නිවනෙමි හැකි විලස මල
මල් පෙති වසා ගමි
නුඹට යන්නට නොදෙනෙමි
සුවඳ රස දෙන්නෙමි
දිවි තියෙන තුරු ලගින් ඉන්නෙමි.
සුමුදු මල් පෙති සිඳිමින
ReplyDeleteබඹරු ඉගිලෙති එයින් රොන් ගෙන
හැඳින එහි අන වින
රැකිය යුත්තේය ලඟ හිඳිමින
සුමුදු සමනලුන් එනවා
ReplyDeleteමලේ රොන් තොසින් බොනවා
මලට නොරිදෙනවා
මලත් සතුටින් සිනා සෙනවා
නියම කවි ටික....ඒත් ඔය කොයි මලත් පරවෙලා යනවනෙ ඉතින්.......කොයිතරම් නම් සුමුදු වුනත්...සුවඳින් අනූන වුනත්...පැහැයෙන් ඔප වුනත්....:(
ReplyDelete@ Shadow/හේමලයා
ReplyDeleteඅනේ ෂැඩෝ... ඔයා මගේ සකුරා මලටත් කීවේ ඔහොම තමයි. ෂැඩෝ.. ඔයා මල් එක්ක තරහද?
@ Shadow/හේමලයා
ReplyDeleteඅනේ ෂැඩෝ... ඔයා මගේ සකුරා මලටත් කීවේ ඔහොම තමයි. ෂැඩෝ.. ඔයා මල් එක්ක තරහද?
මලක මුදු ගුනයට
ReplyDeleteඅවිහිංසක සිනාවට
ලබැඳුනු කතාවට
නොරිසි දන කොයිදෝ ලොව
ලස්සනයි.
මැණික්(සුළඟ)
@වත්
ReplyDeleteමලකට බඹරුමය
බඹරුට මල් සුවඳමය
දියදම එලෙසමය
මලට බඹරුන් නැතිව බැරිවිය
@ priyantha.ඒබී
ReplyDeleteමලෙක සුව විඳුමත්
මල් සුවඳ විඳ ගැනුමත්
දෙකකි මට තවමත්
විඳි සුවඳ මතකයකි ලොබගත්
@ Shadow/හේමලයා
ReplyDeleteපිපුනු මල් පරවේ
නමුදු සුවඳම සිහිවේ
බඹරුණට නතුවී
හැඬූ මල් හෙම නැතිද සිහිවී
@ මැණික්(සුළඟ)
ReplyDeleteමලක් නම් මල මැයි
පෙලක් මල් ගුණ සුවඳයි
නො එක් හැඩ පෙනුමයි
හැඩත්, සුවදත්, දෙකම විරලයි
Methana kavi ranchuwak ne. Hondayi hondayi.. thawath liyanna
ReplyDelete@ Muthu Paba
ReplyDeleteමල් මෙන්ම බඹරුද
ඇල්මෙන් ගෙවුනු අයුරුද
කල් ගෙවී ගියෙනුද
නිමල මතකෙන් අවදි වී හද