වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Thursday, 7 October 2010
බිඳුනූ සීතල සිහින
වසන්තය ගෙවුනූ
ගිම්හානෙයේ රැඳුනූ
මතක දිග හැරුණූ
සිතක සීතල සිහින බිඳුනූ
වියෝ ළතැවුල්ලෙන්
ගියෝ ගැන විමසිල්ලෙන්
පියා සිතුවිල්ලෙන්
නියාමය කඳුළකට ඇල්මෙන්
සරණා කැළ සියොත්
පුරණා පෙමක සැනසෙත්
කරුණා දයා තෙත්
උතුරනා නුඹ අද කොහේ වෙත්
විපිළිසර වූවත්
ගැයෙන ගී නො ඇසූවත්
සිහිනයක දී වත්
ඇවිත් හමුවී යතොත් යහපත්
.
හීන......
ReplyDeleteකොයි කවදත් හැබැ නොවෙන.......
මොනව වුනත් අතැර නොයන
හීන......
මේ සිහිනෙන් අවදි වන්න
ReplyDeleteලග ඇති දේ දෙස බලන්න
ගල් කැටයට රැවටීලා එපා මැණික් විසි කරන්න
නිතර දකින නිතර සිතන හීනෙම ඇස් රවටනවා
හීනෙට එපිටින් නුඹගේ ලොව කඳුළැලි පවසනවා
ළඟ ඉන්නා දුක බලනා
අය අමතක වී යනවා
සිහින ඉතින් එහෙම තමයි
දවසක බොද වී යනවා
෴ සිහිනයේ නොරැදෙන්න.සත්‍ය ප්‍රබන්ධයට වඩා ලස්සනයි ෴
විහඟය ලොවේ සැප දුක දෙක නිති පවති.
ReplyDeleteබිදෙන සිහින තුල නොගීලි ගලා යති.
ගැලපෙනෙ නොගැලපෙන දේ යැයි සිත සිත රැවටී.
ගින්දර එපා හදකට දුක් කදුලු පිරි.
සරල බව, චාම් බව , තමයි උතුන්ම. මම නම් සිහින දකින එක අතහැරියා. මොකද මම සිහින සැබැ කරගන්න උත්සහා කරන හැම තැනකදිම තවත් කෙනෙක්ගෙ හිනයක් බිඳෙන හින්දා...
විහඟය කාලෙකින් මෙ පැත්තෙ ආවෙ... මාස 4 කින් විතර
@ Shadow/හේමලයා
ReplyDeleteදිනකදි හැබෑ වෙන
තව දිනෙකදි බිඳෙන
එනමුත් සිත් බැඳුන
සිහිනයම නිති දකින සිහිනෙම
@වත්
ReplyDeleteසිහිනයෙන් මුදවා
දෑස් එළි සදවා
උපැස් යුඟ ගලවා
ලොවක තතු පහදවා සොඳවා
සීතල සිහිනයක
නොරැදී පියවි දිවියක
දෑස් ඇර අරුමෙක
නුඹත් ඒ සිහිනයම දැක දැක
@රවා
ReplyDeleteකලකින් හෝ ඇවිත් යන හිතවත පිරුණු
කවකින් කිවිය යුතුදේ කියවනු නොහෙනු
හිතකින් සබැඳි, හීනෙන් එපිටට ඇදුනු
සුපසන් වුවත් සෙනෙහස බැහ අත් විඳිනු
ගැයෙනා ගී ඇසෙන්නයි
ReplyDeleteසිහිනය සැබෑ වෙන්නයි
බිදුනු සිත් රැකෙන්නයි
ඇවිත් ඈ විත් මුනගැසෙන්නයි