Thursday 11 November 2010

නිහඬ බව




දු‍ටු සිහිනෙහි මුලා
මම මෙහි පැටලිලා
නුඹ ඉන් ගලවනා
මඟක් සොයමි මනා


නෙතින් සිනහ වෙලා
සිතින් තරහ වුනා
නෝක්කාඩු සිතින්
බලන්නේද ඉතින්


සොඳුරු බවට නුඹේ
කවුරුත් ලොබ බඳී
බැඳි බැමි සිහි නොවී
සිතුවිළි කළ හදී


පිපී දිලෙන නමුත්
මලේ සොඳුරු බවක්
ගෙවත්තෙදී නොවේ
වැටෙන් එහා තරම්


පුවත් නොදැන යථා
නුඹත් දුකිනි මෙදා
ඇතුන්ලවත් ඇදා
දෙනු නුවනක්! සදා


නිහඬ බවත් මහා
හඬක්ය කලබනා
හිඩැස හදෙහි තැනූ
නොදත්ය කාරණා  .......



7 comments:

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත12 November 2010 at 16:03

    මා ලියූවා ලඟදි
    නිහඬ බව ගැන පේලි
    ඔබ එකවි දුටුවෙදැයි
    නොදුටිදැයි නොම දනිමි
    එහෙත් ඔබ පද පේළි
    දැනේ ඒ හා සබැඳි
    ඒ නිසා මට සිතුණි
    ලියන්නට එයත් මෙහි

    ReplyDelete
  2. නොයෙක් ගී පද සවණ රැව්දී නිහඬ වෙයි හද ආලයේ
    නිහඬතාවය හොඳම ගීයයි හඬින් පිරි මේ ලෝකයේ

    ReplyDelete
  3. @ අවර්ණ

    සිතක අසිරි සිරි
    මතකෙහි පැටලුනි
    නිහඬව සිතුවිළි
    දවයි හිතෙහි ගිනි

    ReplyDelete
  4. @ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත


    නොදුටිමි එකව් විත් පෙන්වන තුරු පාර
    හැදිනෙමි කවි සිතක කවි එක්වෙන ආර
    යන එන අතර නැවතත් මේ දස නෑර
    එන්නේනම් යෙහෙකි කවි කියවමු නොහැර

    ReplyDelete
  5. @ SRI MANJULA

    ඔබෙ නිහඬ බව ඇයිද කාරණ
    අළුත් මොනවත් නොලියවේ
    විහසිතෙහි දොර අඟුළු දමලා
    කොයිබදෝ සැඟවී ගියේ

    ReplyDelete
  6. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත16 November 2010 at 08:09

    සොඳුරු වදන් වැල් ලියැවෙන පාර අසා
    අතුරුජාලයේ පතිරුණු සතර දිසා
    විහඟ ගීතයේ මියුරුව විඳින ලෙසා
    නොහැර එන්නෙමිය සැමදා සිතින් තොසා

    ReplyDelete