Saturday 13 November 2010

ගංවතුර




පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු
යන එන මං නොදැන නුවරම යට කෙරුණු
කොහෙ ‍රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ
මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු


ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා
‍රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා
උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා
මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා


බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන
පර්චස් දහය පහලොවකට බෙදාගෙන
අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන
හිටියත් වතුර විත් එකමුතු විලාසෙන


කුළ ගොත් පාට හෝ බෙදුමක වපසරිය
වැදහොත් ඒ බලය සෙල්ලමකට සරිය
සවිමත් කරන්නට රට නංවන බලය
කවුරුත් ගංවතුර මෙන් එක්විය යුතුය


යුග යුග ගනන්  පීඩා විඳිමින ගෙවුන
ඒ කල දසාවට දොර අගුලක් තබන
නැති දේ ගැනම දොඩමින්  කල් යල් හරින
මිතුරනි පෙරට යමු ගංවතුරක් ලෙසින.


2 comments:

  1. ඉරි ඇඳලා පාටින් කුලල් කන පිල් බෙදිලා
    දැක කම්පා වී මිහිකත මව කඳුලු සලා
    වරක් දෙවරක් ද කීවේ එක්වෙව් කියලා
    හිතැති නම් රටදැය ගැන අත්වැල් බැඳලා
    ගලා වැටෙව් එක අරමුණකින් රැල් නඟලා

    ReplyDelete
  2. @ ගල්මල්-Coral

    පි‍ටු දකිමින් විකල් අරමුණු යල් පැන්න
    ප‍ටු ආකල්ප වල නොමදී කිමිදෙන්න
    එක පොදියකට එක්සේසත් වීමෙන්න
    ව‍ටුවැද්දාගේ දැළ ඇදගෙන ගිය වැන්න

    ReplyDelete