වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Tuesday, 16 November 2010
දිග සුසුමකට.....
දිග සුසුමකට බර දී නිදි නැති යාමේ
වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ
නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ
මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ
රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ
මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ
ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ
විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ
ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ
විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ
කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ
වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ
නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම
පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම
ආයෙත් කථා නොකරණ බව කීවාම
නෑ තෙත් වුනේ නෙත,හිත අඬනව තාම....
බොළඳ නුඹේ සිත පෑරුන කරුණ කිම
ReplyDeleteඇයද ඉතින් දිවිගමනක අතර මැද
කරුණු සොයා වෙහෙසෙන නුඹ විටින් විට
බෙහෙත ළඟම ඇත නොබොනා කරුණු කිම
ගිය දේ ගියා දුක් වීලා පලක් වෙද
ගිය දේ නැති නමුත් සුන්දර හිතක් ඇත
නැතිදේ නොවෙයි ළඟ ඇති දේ බලනු වට
අහසට දුර වුවත් වැහි පොද වැටෙනු ඇත
Kaviya hodai
ReplyDeleteඇති හැකි තුරා උපයා දන් දුන්න
ReplyDeleteනැති කල කවුද ලඟ ඉන්නේ අතදෙන්න
තම අතමැය තම හිසට සෙවනැල්ල
අතැඟිලි වැහැරෙන තුරු වලංගුය ඒ කියවිල්ල
@වත්,
ReplyDeleteසිත ඉකිබිදී නම් රහසින් බැඳි පෙමට
නෙතකට කඳුළු නොනැගෙන ඒ පෙම කුමට
කෝදුරු තෙල් සොයා නොකෙරෙන වෙදකමට
පෑරුණු සිත් තවත් පාරන්නේ කුමට
@ Lakeeya Blog Reader
ReplyDeleteකොතැනක කොහේ හෝ හැමදාමත් පෙමට
කවුරුන් හෝ අඬයි එය නොලැබුන පවට
සතුටින් කොහේ හෝ කල් ගෙව්වත් සැපට
සිතුවිළි රළ බිඳෙයි , හිත හැඬවෙයි දුකට
@ ගල්මල්-Coral
ReplyDeleteඇති කල වගේ නොව නැති කාලෙදි අවට
සිත පීඩා විඳියි නෙත කඳුළයි සුමට
කොතරම් දුක වුවත් උහුලා ගත් නමට
තමනුත් තමන් හට නැති වෙයි එම කලට