හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද
දුකට උණු කදුළු වල පහසම වින්ද
එකට යා නොහැකි උසුලා දුක් කන්ද
දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද
වදන් වල අරුත් පසිඳා ගත හොහිනී
උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී
සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී
පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි
උඩු සිත් අරා නැ බෑ කීවත් අරම
යටි සිත් තුටු වු අරුමය කියනුද කෝම
පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම
මුනිවත් රකින යුරු ඉවසන්නද මේම
කිසිදා එක් නොවෙන එක ළඟම ඈඳුන
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන
වෙනදා වගේමයි ඒ සිතම පෑහුන
හැමදා ඉඳින්නද මේ ලෙසින් නෑසුන.......
සැනදා වගෙම අද දිනයෙත් පෙර ලෙසම...
ReplyDeleteකී කවි ටික අගෙයි ඒ ගැන නැත වාද....
කවි පල කෙරුමෙ අඩුවක් ඇති බව දැනින...
අපි මඟ බලමු සැමදා කවි රස පිණිස.....
කවුදෝ කෙනෙක්!!!! හදවත පතුලේ ඇවිලූ
ReplyDeleteදයිදො මෙ ගින්නේ මුලු හදවත සෙව්ලූ
ඇයිදෝ??? සවන් මේ ලෙස වැටිලා අගුලූ
බැයිදෝ???? හරින්නට වැසි හද දොර කවුලූ
@ අභීත
ReplyDelete@ SRI MANJULA
@හැමදාමත් ඉතින් ඇවිදින් යන නිතර
ඔබවන් කෙනෙක් වෙද මේ මායිමෙ හතර
කවි රස විඳින්නට කල් බලමින් අතැර
දැමු බෝ වැඩ නිසා අවිවෙකියි මිතුර