ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ එයින් බොහෝ කලකට පසුවත් නො එන කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම ගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟම උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම පියා සලා දැක මල්වතු උයන් දොරින් නියාමය නොවූවත් නොපනතෙහි ලොබින් ගියාවද නුඹම, නැතිනම් රැගෙන ගොහින් කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින් තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට දැනුනත්, අහලකින් ඇස් මායිමෙන් පිට නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට සැනසෙත්,නුඹත් ඒ බව නම් දැනේ මට. කල්බලා හිඳන් මල්සර විදි දුන්නේ සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ දන්වලා එවනු! මෙහි කවදද එන්නේ..... |
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු
ඉහිරුන කිරට මොකටෙයි බං අඬන් නේ
ReplyDeleteටික කාලයයි අප මේ ළොව සිටින් නේ
අලුත් සුවඳකට හිත ගත යොමන් නේ
එයිනුයි බොලං සිත නුඹගේ නිමෙන් නේ
@ මාතලන්
ReplyDeleteඉහිරුනු කිරි දමා ගඟටත් උඩින්නේ
ඉගිලී ගියත් වගකට නැති කොකුන්නේ
විඳි සිහිනයේ සුවඳ පමනයි පතන්නේ
රැදෙනෙමි.. ඉතින් නුඹමයි හිත හදන්නේ
ආවත් ගමරට ආයුතු හින්දා
ReplyDeleteනාවත් නැව් නැග පියාසලා
කීවත් නොම පාලුවේ තනිවෙලා
පුතුත් පොඩි තක්ෂිලාවේ හිරවෙලා
@ ගල්මල්-Coral
ReplyDeleteනෑවිත් ඉන්නට නම් බැරි හින්දා
ආවත් මම නැව්නැග හිත රන්දා
ජීවත් වෙන්නට හෙට නුඹ හන්දා
මාවත් මට අමතක වෙද මන්දා
කවදා ඒ දෝ මගෙ පෙම්බරිය
ReplyDeleteමග බලමින් හිදී විහඟ ගීතය
ඉක්මන් ගමන් ඒවී ඒ ප්‍රියාවිය
දින ගනිමින් සිටියොත් ඇතිය
නොලැබෙන දේවල් වලට හඬා වැටෙන එකේ තේරුමක් නෑ කියමයි මගේ හැඟීම . .
ReplyDeleteඅතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ . . කියලා කිව්වට එහෙමම නෙමෙයි කියලා දන්නවා ඉතිං . . .
අනේ මන්දා
@ Chandi,
ReplyDeleteදිනෙන් දින ගෙවී සති මාසෙට හැරුනූ
ගියෙන් ගියාවත් මම නොදනිමි කරුණූ
කොහෙන් හෝ ඉදන් යළි මේ දෙස බලනූ
බලන් ඉදින බවවත් සිහියට නගනූ
@ දුකා,
ReplyDeleteරන් තැටියක දමා ගෙන කිරි පැනි ඉල්ලා
හඳ මාමා ඇවිත් යනතුරු කල් අල්ලා
නොලැබෙන බව දැනත් ඒ ගැන ඉව අල්ලා
කල් යල් බලන්නට අපි කැමතියි මල්ලා
විහඟ ගීතය නිහඬ ඇයි ?
ReplyDelete