නොකියු වෙසක් කවි
බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරු
හුදු අපේ, අපේ කම්වල මං අහිරු
පුදුමෙකී ගෙවුණ කල, හිමියනි මහරු
ඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ
සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකින
මල් පහන් පුදා, හිත් මලකඩ කඩන
අල්ලමින් එකම නවගුණ වැල සොඳින
කල් බලයි ඉදන් අල්ලාගෙන කෙමණ
හිත් පුරා ක්‍රෝධ, ඊර්ෂ්‍යා වන් පිරුණ
මත් වෙමින් බොහෝ නොපණත් කම් කරණ
අත් බවෙන් මිදෙන මඟ නැණ නෙත අඳින
සිත්තරා ඔබයි බුදු හිමියනි! හැදිණ
ශාස්තරේ දැන නොදැනුණ සේ ඉදිති
ඈත්කරේ දහමයි, පන්සල් වැහෙති
පාත්තරේ දන් නොව ,මුදලින් පිරෙති
මෝස්තරේ කට කවුරුත් පින් කරති
ගෙවී සිය දහස් වසරින් කල් පිරුව
නොවී සැනසුමක් වල්මත් වී දුරුව
සෙවීමට මඟක් මෙතුවක් කල් බැරුව
අනේ හිමියනේ අපි පෙරළන් ඔරුව
කවි සොයා බලමු
කවි කිය කියා ඉදිමු
කවියෙ රස විඳිමු
තවත් අය හා බෙදා ගනිමු
"අත් බවෙන් මිදෙන මඟ නැණ නෙත අඳින
ReplyDeleteසිත්තරා ඔබයි බුදු හිමියනි! හැදිණ"
අපූරුයි මහත්තයෝ...!
සසරින් එතෙර වෙන්ට හේතු වාසනා වේවා...!
@ තිස්ස දොඩන්ගොඩ,
ReplyDeleteඒ පිනෙන් ඔබත් මේ සසරින් මිදෙන
පෙර ගමන් යන්න මා සමඟම එන්න
කලපවින් අපිව කතරක රඳවන්න
නෑඉඩක් ඉතින් මතු බවයක ඔන්න
නොදැණුනාට නාහෙට සුවඳ
ReplyDeleteබණක් ඇසුවෙමි සිත් ආර වැඳ
උසට උසේ නොවුනාට බඳින
ඉමිහිරි පද පෙල මැව්වා තොරණ
මහතුනේ පදපෙල සුවඳයි. සිසිලයි. මේ තෙමඟුල් සමයේ සියළු සිත් බැතියෙන් බරවී සතුට හා සාමය ලොව බැබලේවා!
@ ගල්මල්-Coral
ReplyDeleteඉන්නට පිනක් නැති සිල් සුවඳක යාව
වෙන්නට තිබුන ලෙස අපි කතරෙහි පාව
ගන්නට පොදිගසා රන් මසුරන් හාව
යන්නට මඟ සොයමු නිවනට හිත පෑව
සිත් ආර - බොහෝ සිත්ගත් තැනක්,
ReplyDeleteසබැඳිය:
http://sith-aara.blogspot.com/2011/05/blog-post_17.html