.
සඳවත......
පුන්සඳ ඈත අහසේ එක කොනක සිට
නුඹෙගේ සොඳුරු වත සිහි ගන්නවයි මට
එන්නද තව පමා නොමවී නුඹෙ පැලට
යනුවෙන් කියනවද කියලා සිතුනි මට
සැන්දෑ අහස සිල් ඇරගත් වතු සුද්ද
මල් යායක්ය නුඹ එහි නොකරම සද්ද
මා දෙස බල බලා හැංගී ගෙන වත්ද
ලංවනු නොහේ ඇයි, මං බෝ දුර වත්ද
පාවී නිරිත දිග මෝසම් සුළගක්ව
ආවා අගෙයි නිවමින් ගිනි, වැස්සක්ව
ගාවා සියොලගම, නුඹ මුඳු සුවඳක්ව
පෑවා මෙන්ය සෙනෙහස පෙම් ගඟුලක්ව
සැදී පැහැදෙමින් නුඹ වෙත බැඳෙමින්නේ
හිඳී කෙනෙක් සඳවත දෙස බලමින්නේ
දිදී නෙත් කැළුම් හඳවත බඳිමින්නේ
නොදී බහක් ඉනු! මම මේ ළඟ එන්නේ
සඳක් වගේ පායා එම් හැම දිනක
ReplyDeleteදුකක් නොදෙමි කවදාවත් කිසි දිනෙක
අත් පැටළුනේ නැතිවත් නුඹ හා තාම
සිතුවිලි වලින් නුඹ ළගමයි මා නිතර
දුටුවෙමි ඔබව සිහිනෙන් මා හැමදාම
ReplyDeleteඑනමුත් නොලැබුනෙමි ඔබ මා හට තාම
නොදී බහක් සිටිනෙමි මම, ඔබ තාම
නාවෙ ඇයිද සිත විමසයි නින්දක් නෙලබාම
@ wath
ReplyDeleteවත්සුනු සුවඳ මුසු වූ සුසුමක අරුම
විත් තනි රකී ඔත්පල හඳකට උරුම
නෙත් හී සර වැදී ගෙවෙනා තුරු කරුම
සිත් බැද මෙසේ යමු අත් පටලෙන තුරුම
30 April 2010 10:57
@දැලි පිහිය
ReplyDeleteනිදි නැති තනි යහනේ තාමත් නුඹ මෙන්ම
මදි නැතිවෙන්න දකිනා එක සිහිනෙන්ම
පොදි බැඳ සෙනෙහෙ සිර කොට දෙ හදෙහි ඇල්ම
විඳිනට මම ඉදිමි, නුඹ මෙහි එනකන්ම
සඳ නිදි වරන කළුවර රෑ පුරාවට
ReplyDeleteනෙතු යුග රිදෙයි මග බලනා විලාසෙට
බහ දෙනු කෙළෙස නුඹ නැති ඒ විරාමෙට
පෙර මඟ බලමි මා දිවි ඇති තුරාවට
@යෝගී
ReplyDeleteකීගී එදා තව අමතක නොවේ මට
මේගී ලියන්නෙත් ඒ හුදකලාවට
සෝගීයක් නොවී සිත සතපවන්නට
යෝගී ඇවිත් යනවද හිත පහන් කොට
සිත ලොබ බැඳෙන කවි සිත්තම් දකින විට
ReplyDeleteනෑවිත් කෙළෙස නුඹ ඉන්නා ඉසව්වට
කව් මුතු පබළු ඈඳා දෙන විලාසෙට
ආයෙත් නෑවිදින් ඉනු බැරි උනා මට
@යෝගී
ReplyDeleteආ ගිය කතා වල රස තැන් අන්දාන
කාගැන කියූවත් බෝ මිහිරක් ගේන
වෙහෙසුන තරම දැක ගන්නට ඔය මූන
දෑසින් නොදැක්කත් හිත පත්ලෙන් පේන
විහග ගීතය...
ReplyDeleteවත් අක්කාගේ පිටුවෙදි ඔබ හමු වූවා...
ඒ පිටුවෙදි ඔබ ලියු කවි රසවින්දා...
මගෙ පිටුවට ඔබ ආ බව අද දුටුවා...
"සදවත"මෙහිදි හොදටම මගෙ සිත් බැන්දා...
නොදනිමි ගොතන්නට පදවැල් ඔබ ලෙසම...
එනමුදු ප්රථම උත්සහයයි මේ කරන..
වරදක් ඇතොත් මේ පද වැල් වල නිබද..
පෙන්වා දෙන්න නෑ තරහක් ඔබ සමඟ...
@ මම
ReplyDeleteවත් ගේ පිටුවෙදී නුඹ දුටුවා සේම
විත් මේ දෙසත් සැප දුක බැලුවා සේම
නෙත් හැර නොදුටු වත් නුඹ කවුරුද.කෝම
සිත් ඇත්තියක් බව තේරෙනවා මේම.
හැම වදනක් ම සීරුවටම ගලපන්නී
මම දන්නෑ කියූවත් බෝ දේ දන්නී
විමසිලි ඇසින් ලියු දෙවල් කියවන්නී
සමනළියක් වෙලා "සඳවත" සිපගන්නී