වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Friday, 14 May 2010
දෙන්නා දෙපොලේ සිට කියු කවි
දෙන්නා දෙපොලේ සිට කියු කවි
ලං වෙලා නුඹට, සසරේ ඇවිදින්න
පිං කලා මදිව අත්වැල බිඳෙමින්න
රං රුවේ ,එකම සිහිනය දැක ගන්න
මං මෙහේ,... නුඹත් එතනමදෝ ඉන්න
වංගියේ නුඹට , මගෙ හදවත දුන්න
මංගියේ මසිත නුඹ ළඟ තබමින්න
සංදියේ ඉදන් කාලෙක සිට දන්න
නංගියේ කියූ කෙනෙකුත් මෙහි ඉන්න
රං ගිරේ ඉදන් මම මකනා පාළු
ගිං ගඟෙන් එහාටත් ඇසිනිද යාළු
දැං ඉතින් නුඹත් ගංතෙරටම ඒලු
මං තොටක් නැතිව උඩුගං පාවේලු
කං කරච්චලේ නෑයින් සෝලි තියන්
මං පලච්ච වෙයි සිතමින් කියන කියුන්
මං හැදිච්ච විදිහත් ගැන වපර ඇසින්
දැං පැහිච්ච කම් යැයි, හැම සතුරු වෙසින්
වං දනාවක්ය සසරම ඇවිද යන
මං බලා වුන්නේ නුඹෙ අත ලැබෙන දින
ගං තුලානටම සේසත් බඳින මෙන
වං හුනා රාහු හඳ හංගවා ගෙන
දැං ඉතින් කදුළ, දුක සිත තුල සඟවා
මං හිතින් හිතපු දේටම කැපවෙනවා
රං හුයෙන් මෙදා නොබැඳෙන හිත හඬවා
මං හිතින් සදා හිත ළඟ වැළපෙනවා
මං වගේම නුඹ අසරණ වූ කලට
රං රසේ උනත් අපුලයි හුරු කටට
මං වගේ නුඹත්, නුඹේ තනිවුන හිතට
සං තොසක් වෙතොත් මම කැප වෙමි එයට
සයිබරේ දෙන්නා දෙපලේ කවි
ReplyDeleteඅඹරේ දිදුලුනා තරු
ඉවුරේ නැවතිලා එනතුරු ගං
කුඹුරේ මුට්ටි රාළලාත් කරයි විපරං
නිල්වලා කුමරිය
ගිං තලාවේ සුභ පැතුම් මැද
බෙන්තරේ තොරන් යටින්
කළු ගඟ පසුකර බොධියත් වැඳ
කැළණියෙන් එතරවී තටුත් ලබා
පියඹා එන්න වේවා වාසනා!
@ ගල්මල්-Coral
ReplyDeleteඇවිත් මේ පෙදෙසට
විහඟ ගී හඬ ඇසුමට
හා සිතැති දේ ලියුවට
ස්තූතියි ඔබහට..
බෙන්තරින් එතරව
කළුතර බෝදියත් වැද
යන දිනක් ඒවිද
ඒතොත්..අප හා යන්න එනවද?
බෙන්තර ගඟින් එතෙරට පැද ගොස් පාරූ
ReplyDeleteපෙම් සිතුවම් මවා හද දොරගුලු ඇවිරූ
පෙම් වත රැගෙන වන්නට මෙදෙසට මාරූ
වෙන්නට මමත් කැමතියි ඔබ හට වාරූ
@ ශ්‍රි මංජුල
ReplyDeleteකවදත් හොඳ හිතින් කවි සිත බෙදා ගෙන
හිතවත් කම් පාන කවි රස බෙදා දෙන
නොමවිත් ඉන්නෙපා ඒ හොඳ දිනේ එන
ඔබටත් ඉඩක් තබනෙමි පාරුවේ යන
පාරුව මතින් ඇය කැඳවා එන හීනේ
ReplyDeleteනෙත් අබිමුවේ එය සැබවක් වෙච්චි දිනේ
බෙන්තර ගං කොමලි හිනහෙයි පා සෙනෙහේ
ගං දිය වුනත් හඳුනයි බැඳුමක අරුමේ
බෙන්තර ගඟ නොවේ ගංඟා හතක් පැන
ReplyDeleteදිගු ගමනක්ය එය, ඇගේ අත ගන්න යන
පාරුව පදවගෙන ගමනට වාරු දෙන
නඩයට චේජනා, ඔබවත් එකතුවෙන
සෝයුරු පෙමින් හදවත් සැම වෙලාගෙන
ReplyDeleteලොකු නඩයක් හැඩයි දැනටම සැදීගෙන
පාරුව නිසා බර වැඩිදැයි බලාගෙන
මටත් කියාපං යන එන වෙලාවන...
බෙන්තරින් එපිට ගමේය
ReplyDeleteසිත සතුටින් පිරේය
එන්නට ඇත්නම් අගේය
නැතත් අඩුවක් නොවේය
සමනොල පාලමා තටු සලාවි
කොටුපවුරේ ඝටියා ආසිරි ගී ගයාවි
ගිංගං කුමරිය සුරඟන රැගුම් පාවි
ගාළු පාර සිරි ගනීවි
මාටත් එන්න ආසයි ඔය පාරුවට
ReplyDeleteදෙනවද ඉඩක් එහි මට ගොඩ වදින්නට
හිත ගැස්සෙයි ගඟ දිය රැලි දකින විට
මා තර නිසා පාරුව වැඩි වෙයිද බර
@යෝගී
ReplyDeleteපනිවිඩ කියන්නට ආවත් ඔය පෙදෙස
දෙමාසයක් දොර ඇරලා නැති විලස
මාලිගේ ලියමනේන් පසු සටහනේ කොටස
ලියලා දමන්නේනම් යහපති විඟස
අතුරු මිතුරු කැළ වේලාසනින් එන
සොඳුරු බස් නිවයි ගමනෙහි විඩා වන
නුදුරු දිනක ඒ ගමනට ඒකතු වෙන
පාරු පෙරහැරක් යමු අපි හදාගෙන
නඩය එක්ක කොයි යන්නද සැර සෙන්නේ
ReplyDeleteකල්ප ගනන් මම මඟ බලමින් උන්නේ
බෙන්තර ගඟින් එගොඩහ හිත් කපටියි නේ
එය නොදැනදෝ එහි යාමට සැරසෙන්නේ.
හිතක් ඇතේ ඔබ එනතුරු බලාගෙන
ReplyDeleteදුකක් නොවී එනු විගසින් සොයා ගෙන
බතක් උයා කවනා දින බෙදාගෙන
පමා නොවී එනු මැන ඈය සොයා ගෙන
@ ගල් මල්- Coral
ReplyDeleteඔබ නැති මේ ගමන
මහා අඩුවක් ගෙන එන
එබැවින්, නොවරදින
ලෙසින් ගමනට එකතු වෙනු මැන.
සමනළ පාලමින්
අපහා ඒකතුවෙන මෙන්
තුටු සිත් පෙරටුවෙන්
මගේ ආරාධනය පිළිගන්
@ වත්
ReplyDeleteවෙයිදෝ පලක් නුඹ නොමැතිව මේ ගමන
ඇයිදො හිතේ සංකා මම වෙමි එතන
මාතර වුනත් මා තර නොවුනත් කුමන
නැංගොත් පාරුවට යලි ඉඩ නැහැ බසින
@ වත්
ReplyDeleteනිල්වලා ගඟට බෙන්තර ගඟෙන් ඇවිත්
මං මුලා ව ගිය විහඟෙක් පාර අසත්
බෙන්තරින් එගොඩ සිත් බෝ කපටි වෙතත්
මං මුලා නොකොට, නුඹ මට පාර කියත්
@ වත්
ReplyDeleteදෙපයට වාරු ගෙන බර හිස දරාගෙන
කොපමන දුරක් ආවෙද නුඹ පතාගෙන
ලිප උඩ ඉදෙන බත රොස් වනු නොදී ගෙන
ඉනු මැන,මම ළඟය පෙන නොපෙනෙනා මෙන
coxswain කෙනෙක් විදිහට මාත් පුරුදු වෙලා තියනවා...උදව්වක් දෙතහැකි...!
ReplyDeleteපාරු පෙරහැරක නැග ගංකොමලි මතින්
ReplyDeleteඑතෙරව ගාලුපුර සිරියත් විඳින් ඉතින්
ගං දෑලවර බැඳි පෙම් දම් එකතු කරන්
එන්න සොඳුරු සිත් බැඳිලා සෙනේහයෙන්
පාරුව දැන් පිරෙයි
ReplyDeleteහිතවතුන් ද ගොඩයි
කෲස්ලයිනරයක් හොඳයි
තටාකයේ ඉඩ ගොඩයි
@ චේජනා
ReplyDeleteපාරු පෙරහැරට සූදානම බොහොමයි
සීරුවට පාරු පැද ගෙන යායුතුවෙයි
වාරු දෙන දෑත් වල් වෙහෙසත් නිමවයි
පාරු කවි දන්න අය හිටියොත් කදිමයි
@ ගල්මල්-Coral
ReplyDeleteගං ඉවුරක රැදෙන සෝබා පරිසරය
නැව් වල හෝ තටාකයෙ කොහොමත් නැතිය
කොපමන වුනත් ගමනට එක් වන නඩය
බඳිමින් පාරු පෙරහැර දික් කළ හැකිය
@ තිස්ස
ReplyDeleteපාරුව පදින්නට අත හිත දෙන ගොල්ලයි
පාරුවෙ නගින්නට තව බෝ දෙන එල්ලෙයි
ආරක්ෂාව යන එන හැමටම දෙන්නයි
ඒ රස්සාව දන්නා කෙනකුත් එන්නයි