Wednesday, 26 May 2010

තෙමගුල්



තෙමගුල්

මෙතේ  බුදුන් උපදින තුරු නැතේ නිනව් සිතේ
සිතේ  උපන් අකුසල් සිත් නිවන මඟක් නැතේ
නැතේ ය මඟ පෙන්නන්නට කෙනෙකු හෙටක් වෙතේ
වෙතේ එකම මඟ,බුදු හිමි මඟමයි ජීවිතේ

නව අරහාදි බුදු ගුණ  සිහි කරමින් බව
භව  දුක කෙටි කරන මඟක් වෙද දහමක තව
තව මත්  අඟ්ඥාන අඳුරු  දුරු කරමින් පව
පව නක්  මෙන් දසත ඇදේ වෙසක් අසිරි සුව



8 comments:

  1. මෙත් මුදිතා කරුණා
    උපදී සිත් වල
    බැබලේවා ලොව

    හරබර වෙසක් පණිවුඩයක්, තුතියි ඔබට

    ReplyDelete
  2. @ ගල්මල්-Coral

    වෙසක් සඳ පායා
    සඳහම් සිසිලෙ නහවා
    බුදු ගුණ ගැයේවා
    සියලු සත්වයෝ නිදුක් වේවා.

    ReplyDelete
  3. සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

    ReplyDelete
  4. සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

    ReplyDelete
  5. සුබ වෙසක් මංගල්‍යක් වේවා...........!

    ReplyDelete
  6. සුපසන් වෙසඟක් වේවා! ස්තූතියි රසෝඝයට පිය තබා තැබූ සටහනට. . .

    ReplyDelete
  7. @ isimbuwa
    කොහේ හිටියත් ලොවේ
    වෙසක් සඳ අපෙම වේ
    ඒ වෙසක් සිසිලසේ
    සැඳැහ සිත් මල් පිපේ

    ReplyDelete
  8. @ Ravin Caldera
    වෙසක් සඳ තෙමඟුල මතක් කර දේ නම්
    පසක් කර බුදුගුණ සිතුවිළි නිවේ නම්
    නිමක් නැති සසරේ දුකින් එතෙර වේ නම්
    පිනක් මය ඔබටත් කියා මම පතන්නම්

    ReplyDelete