සමනළ සිහිනයක නුඹ ආවා මතකයි
මඳනල පවා ගෙන ආවේ ඒ සුවදයි
විදහල ප්‍රේමයේ අනුහස නම් පුදුමයි
සමනළ සිහිනයේ තාමත් නුඹ කොතනයි
නෙතු සපිරුන තරම් හිත නොපිරුනාද?
පැතුමන් සපිරි,හුදු හැඟුමන් වුනාද?
උතුරා ගැලූ සෙනෙහස වියළුනාද?
මතු සසරේ කතාවට මක් වුනාද?
නොතරම් නොවූවත් කල්බැලූ පෙමට අපේ
සැමරුම් අදත් මඟ තොට දැක පොළවේ හැපේ
නුඹ නම් එමඟ හැරදා ගොස් නො එන කපේ
කොතරම් සුන්දරද ඒ මල් තවම පිපේ
නොදනිමි කුමක් දෝ මා දොස තවම නොකී
නොකියමි දොසක් නුඹ ගත් මඟ හරිය සකී
වැළපෙමි කියා කීවත් නුඹ මා නොදකී
සිටිනෙමි මමත් නොමදී හදවතට ඉකී
මලකට දැනෙන දුක බඹරා නොම දන්න
පසෙකට ලා තවත් මල කට පිය මැන්න
බඹරුට මල්ය , මල කට බඹරෙකු වන්න
හිතකට දුකක් නොම දෙන බඹරෙකු එන්න
ගතත් සිතත් වෙහෙසයි පෙම් බස් දොඩලා
ඇසුත් අතුත් අපුලයි බඹරුන් රැකලා
තවත් ඇවිත් යන හිතකින් නොම රැඳිලා
මමත් නුඹත් හඳුනයි දෝ සිත් සැදිලා
සමනළ සිහිනයම හිත අද්දර තබමි
සමකුළ බඹරකුට මුලු හදවත පුදමි
බැමිතල හකුලුවා මඟ බලමින් හිදිමි
හිමිකල මට උරුම ඔහු වෙනුවෙන් තබමි
අපොයි කොලූ අති ප්‍රභල බූට් පාරක් කා ඇති බව පෙනේ....
ReplyDeleteප්‍රේමය උසයි... සුසුම් නම් විසයි.....
මොකද විහඟ ගීතය අද විස්සෝප වෙලා. විස්සෝපයෙන් උනත් පද ටික ලස්සනට ගොනු කරල තියෙනව.
ReplyDeleteසිහිනයේ සුවඳ නුඹෙ සිත තුළ රැදුන වග
ReplyDeleteඅමතක කරමු සිහිනයෙ නුඹ සිටිය වග
පරණය මතක දියකරදා අතර මග
නුඹ සමඟින් මා යන්නේ නැවුම් මග
කොයි දේ වන්නෙ අපෙ හොඳට ලු කියන්නේ
පමා වෙලයි මිනිසුන් ලොව දකින්නේ
දෙනෛත් පුරා ඉනු කඳුළයි පිසින්නේ
නුඹේ ලොවට සඳ පෑවු ලෙසින් නේ
හිරු ගෙ ලොවේ නුඹ දැවුනා කවුරු දනී
මල් පිපිලා පරව ගියා බඹරු දනී
නුඹේ ලොවට පෑයු සඳු කවුරු දනී
ලොවක් නොදැන වුන්නත් එය නුඹම දනී
අතීතයේ දුක් ගැනවිලි මැකෙන්නයි
නැවුම් දිනක් නුඹ හා ගොඩනගන්නයි
තැවුල් මුදා හල සිතකින් සිටින්නයි
මගේ පැතුම නුඹ සතුටින් සිටින්නයි
@ මාතලන්
ReplyDeleteලබූ දෙයට වැඩියෙන් නොලැබුන දේය
හිතෙ ඉතිං හැමදාමත් දුක දේය
සතා සිවුපාවටත් එය වැටහේය
එකම සතුට දුක වෙනුවෙන් දුක් වීය
@isimbuwa
ReplyDeleteවිහඟුන් රස ගීත සේම
දුක් ගීතත් ගයනවා
පුහුදුන් මිනිසුන්ට සේම
දුකත් සැපත් දැනෙනවා
@ වත්
ReplyDeleteපැටලුනු සිහිනයේ අත්විදවූ නපුර
වටලනු නොදී ඉන්, සිත ගනුයෙන් උදුර
පිටවෙනු නම් ඉතින් මා තනි කර මෙතෙර
සැඟවෙනු එපා සිහිනෙන් වත් මා සොඳුර
කොහොමද අප්පා මේ එක දිගට රස වැහෙන කව් ගොතන්නේ....?
ReplyDeleteහුරුවද...?
සිතිවිලි වල තෙරපුමද...?
ප්‍රේමයනම් ලොව සියල්ල විදිනු ඇති
ReplyDeleteබොහො දෙනෙක් ටික කලකින් හඩනු ඇති
නමුත් සොයුරු විහගය දැන් නුඔට ඇතී
මෙ කාලය නුඔ විදපන් සතුටෙ ඒතී...
(අනේ මේ විදපන් කිව්වෙ තරහට එහෙම නෙවෙයි ඕන්..කවියට ගැලපෙන්න ඕන නිසයි එහෙම දැම්මේ)
@ තිස්ස
ReplyDeleteහරකොට ලියු දෑ සිතුවිලි අතර සිට
බැර වෙන බව දනිමි ගිනුමට නොසිතුවට
තෙරපුම නම් තමයි අලුතින් ලියන විට
පෙරපර ගැලපිම නුඹටයි, සතුට මට
@ මම
ReplyDeleteබොඳවුන සිහින පණ පොවනා අය නිතර
විඳවන මෙන්ම විඳිනා අය අප අතර
කොපමන දැක ඇද්ද හඬනා සිත් නිතර
දුක්වෙන විහඟ ගී ඒ වෙනුවෙනි මතුර