හිරුට මුවාවී ඉගිලීගෙන යන්න
නුඹට වෙහෙස බව මාගේ සිත දන්න
කුමට දෝ ඉතින් හිඳ තව ළතවන්න
සඳුට හොරන් මම එමි නුඹ ගෙනියන්න
මල වට රැගුම් පෑ බඹරිඳු නෑ ආවේ
ගෙල වට මල් මාල පළඳනවයි කීවේ
කලකට පසුව කීදෙය අමතක වූවේ
මුතු කැට කඳුළු පමනයි තනියට ආවේ
හිතක් ළඟ හිතක් බැඳ දෙවමින් පිළින
රුවක් විය නුඹත් මගේ සිතටම සැදුන
දුකක් නොම දෙමින් ඒ හිතටම බැඳුන
කවක් ලෙස නොකී අලුතෙන් පද බදින
පීදුනු පැතුම් බොල් සුළඟට පා කරලා
හේදූනු සිතුවමෙන් හිත නිදහස් කරලා
ඒ ඳුනු නැවුම් සිතුවිළි එක්තැන් කරලා
දේදුනු ආයෙමත් සිත් අහසෙහි පිපිලා
සිතත් ගතත් සිත් ගත් සිතටම බැඳුන
නුඹත් මමත් වෙත් එක සිහිනෙම දකින
ඇවිත් තවත් කල් යල් බලනුයේ කුමන
හෙටත් අදත් මෙන් විය යුතු නැහැ ඉතින.
මුකුළිත මල්ය, නටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
නුඹසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
තනිනැත ඉතිං , නුඹටත් තනි නැති වාය
බොල් වූ සිතුම් පෙර දිනදී සෝදාලා
ReplyDeleteපීදුනු සිතුම් සිත් අහසේ රඟ දීලා
දේදුනු පාට නෙක නෙක රූ මවාලා
විහඟිගෙ සිතේ පෙම් මල් පීදීලා
@isimbuwa
ReplyDeleteඊයේ බොඳ සිහින හෙට රැස් දී පාවී
කීයේ කතාවන් සුළඟට ඒක්වේවී
ආයේ නොයන්නට ඈ මවෙතට ඒවී
ගීයේ විහඟ හැමදාමත් රැව්දේවී
හිරුට මුවාවී ගමනක් පතනු එපා
ReplyDeleteසඳුට හොරෙන් යන ගමනක් සිතනු එපා
ආදරයට දුර බාධා තකනු එපා
දුරය එහෙත් සිත දුර ඇත සිතනු එපා
මල වට රැඟුම් පෑ බඹරිඳු නාවත්
ගෙලවට මුතු මාල පළඳමි කීවත්
කලකින් කීව දේ ආමතක කර ලූවත්
දෑසේ කඳුලු කැට පුරවා ඉනු නොහොබිත්
සිත ගත දෙකම ගත් හිතකට බැඳුනේ නම්
දුරය එහෙත් නුදුරේ ඇත සිත ගත් නම්
ගෙළවට මාල කුමටද එම පෙම ඇති නම්
ඉතින් කුමට ඉර සඳු කොට මුවා ගමන්
මුකුළිත මල්ය, නටු මුකුළිත නූවාය
ReplyDeleteවිකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
මගෙසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
හරි ලස්සනට නුඹ මේ කවි ලීවේය
@ leks'world
ReplyDeleteළඳය, ළඳ බොළඳ හිරු රැස් විදිනු බැරී.
සඳය මුව මඬළ ඒ සොමි ගුණෙන් පිරී
තනිය දැනෙනු නොමදී එම හිතට සරී
නිදිය සඳ තරුත් මේ ගමනේදි නොහැරී
@ මැණික් (සුළඟ)
ReplyDeleteමල් විකසිත වේය යළි මුකුළිත වේය
කල් යල් නොබලමින් නිති මල් පිබිදේය
මල් සිරි දකින නෙත නටුවට පිටු පෑය
බැල්මෙන් පවා නටු නොව කටු දුටුවාය
We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.
ReplyDeleteThanks
Admin
http://blogsinhala.com/
@වත් මේ පණිවිඩය මෙහෙම වෙන බ්ලොග් එහෙක සටහන් තබන්නට වීම ගැන කණගාටු වෙනවා... බ්ලොග් එකෙ අයිතිකාරයන්ගෙන් අවසරයි....
ReplyDeleteවත්... එකම එක දෙයයි කියන්න තියෙන්නෙ.. කොහෙවත් යන අවජාතක ඇනෝ කෙනෙක් නිසා මටත් ඔයාගෙ බ්ලොග් එකෙ නිර්මාණ රසවිඳල සටහනක් තියන්න තිබ්බ අවස්තාව නැති කලා නේද?
(මම ඔබේ බ්ලොග් එකේ 'ප්‍රේමයේ නිරුවත' කවියට කමෙන්ට් කල සහ පුද්ගලිකත්වය සහ බ්ලොග්කරණය ගැන සටහනක් තිබ්බ 1වෙනි ඇනො )
@ විහඟ
ReplyDeleteසුවදැති කුසුමකට නුඹ ආදරෙ කරන තරම්
පොඩ් වී නොයා ආදරයෙන් රකින තරම්
හදවත නුඹේ සෙනෙහෙ දියෙන් තෙමෙන තරම්
කවි පද වලින් දැනෙනව ආදරේ තරම්
අරමුණ කිසිත් නැති ඈයගේ හද දිනුව
ReplyDeleteනුඹ මං මුලාවෙයි නැවතත් පෙර ලෙසම
ඇය බයගුල්ලියකි ආදරෙ අභිමුඛව
සඳ තරු පවා දෙස් දෙයි ඇගෙ ගොළු බවට
@ Anonymous
ReplyDeleteඅනේ Anonymous .... මම දන්නව එයා හොද Anonymous කියල. ඒත් මක් කරන්නද ඉදහිටල සත්තුත් පහරලා යනවනේ...
ඔයාට බැරිද නමකින් එන්න....
ඔයාගේ කොමෙන්ටු හරි වටිනව මට...
මේ බ්ලොග් එකේ අයිති කාර විහඟ මහත්තයගෙන් අවසර නොගෙන මෙහෙම ලියන එකත් වැරදි...
@වත්
ReplyDeleteකඩ ඉම් කරුණු කාරණා දැනගෙන පැමින
ඉඩ කඩ සොයනවද අරමුනෙ හිම ගිලෙන
හඬ හුරු පුරුදු මට නුඹේ වතෙහිම දිලෙන
අඬ් හැරයට ලොබින් මම මෙහෙ කල් ගෙවන