වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Friday, 6 August 2010
නොකියූ කවිය
"නෑවිත් යන්න බැරි නොගොසින් එන්න බැරි"
ඈවත් ඇරන් එක මඟ යන මං ඇහිරි
ආවත් නැතත් හිත බැඳි සෙනෙහස නොහරි
මාවත් "දේවේන්ද්‍රා සන්" කෙනෙකු සරි
හිත් පිත් නැති ලොවක වත්සුනු තවරාන
නෙත් නැති වුනදාට ලස්සන කෝ පේන
ඇත්තම කියන්නට ගොස් පැටලුනි හීන
හිත්ගත් නුඹත් තවමත් පැටලෙන ගාන
පින්නේ පිපුන බිම් මල් සුවඳක මුසුව
දුන්නේ පිළින මුඳු සෙනෙහසකට නතුව
යන්නේ දැයි නොදත් පෙරහැරකට කොටුව
ඉන්නේ විස්මතවදෝ දෙඩුමක් නැතිව
පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
රෑවෙයි අයෙත් ඒ හෙවනැළි දැස වසා
මාවයි නුඹයි ඒ දියදම නියත ලෙසා
පායයි නුඹට හිරු මගේ උරුමය සලසා
සරිකොට සිතැඟි දැන හදුනා ගත්තේද
ගුරුකොට ප්‍රේමයම නුඹ ඒ මත්තේද
වරුවට දෙකට අගතියකට පත්වේද
"නොරිකොට" වෙච්ච දේ නුඹටත් අත්වේද?
මතකයේ සුසානය.....
ReplyDeleteමතකය වළලන සුසානයක් නැත
ReplyDeleteදෙවෙන්දරා මරණය සෙව්වත්
නොරිකෝ වැලපෙනු දුටු හිතකින්
ඈ නොරිකෝ නොකරන්...
@ Shadow/හේමලයා
ReplyDeleteමතකය වේදනාවකි අමිහිරි වෙත්නම්
නිසැකය වල දමයි කාලය යාවෙත්නම්
සැපතය මිහිරි මතකය සිහියට එත්නම්
සතුටය විඳින්නට රිසි, දුකකුත් නැත්නම්
@චේජනා
ReplyDeleteදුකකදි විඳිනු බැරිවුව,මුඳු සිත් ගත්තෝ
කලකදි හැපි හැපී ඉඳ, දිවි සමුගත්තෝ
වුනහදි විඳ දරා සුසුමට වී ගැත්තෝ
විටකදි අපි හැමෝමත් මළගිය ඇත්තෝ
පායයි හිරුත් ලොව අහුමුලු අඳුර නසා
ReplyDeleteරෑවෙයි යලිත් ඒ හෙවනැළි දැස වසා
මාවත් මගේ දෑසත් සිහිනොවුන නිසා
ආවත් නැතත් තරහක් නැහැ ඉමි ඉවසා
මැණික්(සුළඟ)
@ මැණික් (සුළඟ)
ReplyDeleteඈවත් නුඹත් එක් සිහිනෙම දෙකොන වුන
මාසිත් කියයි ඒ සිහිනෙම දකිනමෙන
නෑවිත් ඉදින්නට බැහ, නුඹ දකින පින
නෑ අත්විඳින්නට, නුඹ සුළඟකිය යන
ආදරය කළේ ඇය තම පණ කෙන්ද වගේ
ReplyDeleteකාලය ගියේ හීයක වේගයෙන් වගේ
ආලය කරත් නොරිකොට ලෝකයක් වගේ
ඇයිදෝ ඇයව ඒ ලොව තුල දමා ගියේ
ආලය ආදරය සෙනෙහස පුද දෙන්න
නැත කිසි ලොබක් නොරිකොට නුඹ හිත දුන්න
නැවත වරක් බැහැ නොරිකොට තනි වෙන්න
ලගින් ඉන්න, දුර යන්නට බැහැ දෙන්න
වත්ගේ උපදෙසින් මේ පැත්තට ආවා..
ReplyDeleteපොඩ්ඩක් කියවලා බැලු කල කවි රස වූවා..
විස්තර ලියන්නට කාලය මදි වූවා...
ඔක්කොම කියවලා යන්නට හෙට එනවා..
@ වත්
ReplyDeleteදුවන් එන්න සිතිවිළි සේ හිතුනාට
ගිහින් එන්න කියලා හිත කීවාට
ලගින් ඉන්නවා වාගේ නැහ ඊට
දිනෙන් දින දුරස් වෙනවද නුඹේ හිතට
@ Priyantha.ඒබී
ReplyDelete"මාගේ මතක" කාලෙක සිට ලියමින්න
වුන්නත් මගේ ඇස ගැසුනේ අද ඔන්න
ලියු දෑ බලන්නට මට කාලය දෙන්න
ආයෙත් වෙලාවක මෙහෙ ඇවිදින් යන්න
දුක් ගී සතුටු ගී එකිනෙක මත පැරද
ReplyDeleteපෙම් ගඟ විටක පැහැදිලි! යලි වෙයි බොරද
විරහව දැනෙන හද කෙතරම් ගින්දරද
ප්‍රේමය අම්මපා !!!! කෙතරම් සුන්දරද
@SRI MANJULA
ReplyDeleteඇතිවත් කිසි දිනෙක ඇති වෙන්නේනෑය
නැතිවත් ඉන්න බැහ හිත හැඬවෙන්නේය
හිතුවත් සැනසුමකි, යලි ඉපදෙන්නේය
විහසිත් මේ ගැනම හොද හැටි දන්නේය
පෑවත් සෙනෙහසක් ළං කර ගන්න බැරී
ReplyDeleteආවත් නුඹ දිනක් රදවා ගන්න බැරී
කාවත් නැතත් නුඹ ඇය හා ඉන්න සැදී
නාවත් තරහ නැහැ හිත හදුනා ගන්න ලදී