අලුත් ජනකවි 1 මෙතනින් කියවන්න
මං බාලේ ඉදන් දැන සිටි කොළු පැටියා
ලංකාවේ විශ්ව විද්ය්‍යාලෙක හිටියා
උගේ මරුවා ඌ ඇරගෙන ගිය සැටියා
මැරූ එකෙක් හෝ දුටුවෙක් තව නැතියා
රටකට වැඩක් කරණට බැරි පිස්සෝය
පිට පිට දෙපාරක් බොන ළිද ඉස්සෝය
කට මැත දොඬවමින් පාරට බැස්සෝය
වට රවුමටම කොටු වුන මුන් පුස්සෝය
බුදුන් වැඩි බිමට දෙව්දත් දත් නියන
සඟුන් වටවෙලා සෙත් පිරිතුත් කියන
රුපුන් සෙන් පැදුරු පාටියටත් පැමින
ඉතින් ආයුබෝවන් විරසක කුමන
ඇසූ දුටු කෙනෙක් හෝ ලකුණක් නැතිව
බොහෝ දේ වෙතේ කළියුගයට නතුව
වහා ගිනි ගනී නැතහොත් යයි චුතව
මහා අසිරිමත් ලෙස අපි හැම පැතුව
යුදබිය පහ වුනත් ආයුධ අතට ගමු
වැඩකට නැති එවුන් අල්ලා ගස් බදිමු
කොටියට කළ දේම මදුරුවටත් කරමු
අන්තිම මදුරුවා දක්වා වෙඩි තබමු
එදා පටන් සිදුවූ දේ මේ රටෙහි
ReplyDeleteරැඳී ඇතේ නොඅඩුව අප සිත්හි
නොවුනොත් අදම ඒ සැමටම එරෙහි
අකුණු වදිනු ඇත අපටත් නැතිව වැහි
වැඩේ කියන්නේ මැසි මදුරුවෝ ගානට මැරෙන්නේ මිනිස්සු නෙව......මැසි මදුරුවො...නියමෙට ඉන්නකොට....
ReplyDelete@ priyantha.ඒබී
ReplyDeleteසෙව්වත් කරුණු කාරණා සිදුවෙන පුදුම
දෙයියොත් දන්නේ නැහ වැඩ සිදුවෙන තුරුම
කයියත් ගසති,අන්දති හැම දැන දැනම
නියරත් වැටත් කනවද? පූදින ගොයම
@ Shadow/හේමලයා
ReplyDeleteකුමකින් කුමක් වේදැයි බලමින් ගෙවුන
එමකල් විඳි ගැහට මේ තාමත් ලිහන
විමසිල්ලෙන්! නොදෙනු මැස්සෙකු වත් වහන
හැම අලකලංචියමත් අපටයි නැහෙන
රට තොට මහ පාර අපි නිතර යන එන
ReplyDeleteබස් එක කෝච්චිය පීලි මත ඇවිදින
රජයේ රෝහලද පාසල සමග පණ යන
දැක දැක නිකන් ඉමු කට බලි අයාගෙන..
අර්ධ ශතක බ්ලොග් ලිපියත් පළ කරලා
ReplyDeleteසද්ද නැතිව ඉන්නේ කොහොමද මන්දා
පැදුරු පාටියට අඩු වැඩි සරිකරලා
දුන්නොත් මොකද සුබ පැතුමට ඉඩ සලසා
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDeleteයන මං අගුළු දා රටකට වින කෙටුව
පන ගැට ගහනවිට අරුනැල්ලක පැතිව
වෙන සිල්ලර වාසි දෙස බලමින් පටුව
ගෙන එයි ගොම කැබලි කිරි කලයට මුසුව
@ වත්
ReplyDeleteආ දිග ගමන් මඟ ගී අසමින් වහඟ
මෑ අත්වැලක් විය මුල ඉද මා සමඟ
කී කව් සොඳුරු සිත කට වූවත් නොහඟ
නෑවිත් ඉන්නේපා ගී ඇසුමට විහඟ