Tuesday, 17 August 2010

කවි කොලය.....සකල සිරින් පිරි සිරි ලංකාවේ


සකල සිරින් පිරි සිරි ලංකාවේ එකල මෙකල වෙනසක් නැත්තේ
කිකල වුවත් ගණ දෙවි නුවනැත්තෝ  තුමුල මඩිය තර කර ගත්තේ
විපුල මහා බල සද්දන්තයනුත් විසුලු  චරිතයම ඇඳ ගත්තේ
අපුල වුවත් කිව යුතුදේ කියමුය මැනිය යුතුය කාගෙත් තත්තේ

රුපුන් සමඟ යුද වැද ජය ගෙනදී රණවිරුවෙක් වුන පිනෙන් මිදී
හොරුන් නඩේකට ගුරුවෙන්නට ගොස් රජුන් සමඟ ඇයි හොදයි බිඳී
විහින් හදා ගත් අණ වින කොඩිවින තමන්ගේම හිස මතම ‍රැදී
අඬන්න හිතුනත්  ඇහේ කඳුළු නැහ හොරුන් සමඟ ඉදිනුයෙන් ‍රැදී

හැමදාමත් තිබු උපන්ගෙයි රෝගෙන් දෙතුන් වතාවක් විඳගත්තා
කවදාවත් නැති සිහින ලෝකවල දවල්ම ඔලුවෙන් හිටගත්තා
කියලාවත් ගැලවෙන්න නොහැකි ලෙස හදාපු කෙමනෙම ඉද ගත්තා
ජනතාවත් නැති විමුක්තියක් නැති නැහෙන නඩේකට වී මුත්තා

ඔලුවෙන් හිටගෙන වාද කරණු සකි,මොනවද එහි ගන්නට ඇත්තේ
හෙළුවෙන් නඩයම, සුපුරුදු ගොං කම් වලට එකෙකි පව් ගෙව යුත්තේ
පුළුවන් තවමත් පාර වැසී නැහ..ඉහ මොළ සෝදා ගතයුත්තේ
බලයෙන් කළහැකි කෙං ගෙඩියක් නැත..රජුත් එක්ක සිට ගතයුත්තේ

කවදත් තමන්ට වඩාම හිතවත් අයම තමයි ලං කරගන්නේ
ගුණවත් කම් හිත ‍රැදෙන තුරාවට,නෑ උදහසකට ලක්වන්නේ
රජුවත් රජකම හා රටවැසියන් පිළිබද දෙවරක් සිතමින්නේ
හතුරත් සමගින් එකට නිදන අය වෙත නැහ බුරුලක් පෙන්වන්නේ

ගෙදර යන්න දින ගනිමින් ඉදැද්දි කතා කරලා තව ඉන්න කියා
නතර කරන් කළ කී යුතු දේවල් නතර නොකර කළ යුතුය කියා
හතර මායිම ම ‍රැකගනු වෙනුවට  එතෙරවු ඉණිමං  අතැර තියා
ගෙදරට හිමිකම් කියන්න ආවිට දෙවන්න දඩුවම් ඇතිය ලියා

එක එක පැත්තෙන් එක එක විදිහට බලලා මොන දේවල් කීවත්
දැක දැක ජයබිම තැතිගත් උදවිය මතකයි කළ කී දේ තාමත්
සැක හැර හොදටම දැනත්, හතුරු පිළ නපුරු කලට පව් පලදීමත්
දැක ගන්නට නම් තවත් මොනවදෝ මේ ටික ඇති මට හැමදාමත්

හැමෝම පුහුදුන් මිනිසුන්මය අපි, රජුනි දෙපාරක් හිතනු බලා
හැබෑම හතුරොත් සැබෑ මිතුරුවී  රජවාසල මැති ඇමති වෙලා
හැදීම පිළිවෙත් තමයි වඩාහොද, කළ කී දේවල් ඉවත හලා
කදීම රජෙකිය කියන්න ඇහකිය, නිදොස් කරණු මෙත් කුළුණු සලා

16 comments:

  1. ඥාති සංග්‍රහයයි...මඩි තර කර ගැනිල්ලයි ඇරෙන්නේ වෙන දෙයක් කොරනවාද අම්මප ඔය ලොකු පුටු වල ඉන්න එවුන්....ඒක දැන දැනත් අපි උන්න්ටම ආයෙ ආයෙත් හැනද අතට දීල හූල්ලනවා...අමමප කවුද වැරදි...අපිම නෙවිද?..
    අපෙ හෙළුව එක අතකින් අමාරුවෙන් වහගෙන අනිකාගෙ හෙලුවට අත දිගුකර හිනාවෙන අපි....ලොකු ලොකු ඈයො කේක් ගෙඩියට පොරකනකොට වැටෙන කුඩු කන්ට දඟලන අපි...අමමප කවුද වැරදි...අපිම නෙවිද?....

    ReplyDelete
  2. තමන් වපුරපු අස්වැන්න තමන් විසින්ම නෙලා ගැනීමක් කියලයි මේ සිද්දිය මට හිතෙන්නෙ... කවි කොලේට එකගයි...

    ජීවිතයේ තම තමන්ට හිමි දේ කවුරුත් දැනගෙන සිටි යුතුවේ...
    ඕනවටත් වැඩියෙන් උඩ පැන්නොත් තමන්ගෙ පස්සම බිම හැප්පේ..
    වපුරපු දේකම අස්වැන්නයි අපි කාටත් කොයි කාලෙත් ලැබුනේ...
    අපගේ ජීවිතයට එන පාඩම හැර වෙන දේ ගැන ලත නොම විය යුතු වේ...

    ReplyDelete
  3. මගෙ කමෙන්ට් එකේ අන්තිම පදයෙ තියෙන ජීවිතයට කියන වචනය දිවියට කියලා වෙනස් කර ගනිත්වා........... :D

    ReplyDelete
  4. පට්ට නියමයි..
    නියම කවි ටික....

    ජයවේවා..!

    ReplyDelete
  5. හරියටම කියල තියෙනවා . . . මගෙත් අදහස ඕකම තමා. මේක කවියෙන්ම කියපු හැටි නම් කෝටියක් වටිනවා. බල තන්හාවට හොරුත් එක්ක ගිහිල්ල හෙළුවෙන් තමයි ඉන්න වෙලා තියෙන්නෙ දැන්. තව ටික කාලයක් ඉවසුවා නම් මිනිස්සු නිකන්ම උඩින් උස්සල තියන්න තිබුනා. මොනව කරන්නද රජකම් කලත් කවද හරි කල කම් පල දෙනවාම තමා . . . කාට කාටත් !

    ReplyDelete
  6. ලස්සන කවි ටික... අරුතත් ඒ වගේම හොඳයි.. මටත් හිතෙන්නේ අන්තිම පදේ තියෙනවා වගේ රජතුමා කරා නම් හොඳයි කියල තමයි.

    ReplyDelete
  7. lassana kawi kolaya. Hama welema kawuru unath thamange wade hariyata karanawanam ohoma wenne ne'
    Ada Unicode awlak linux dagena ekai singlish

    ReplyDelete
  8. @ Shadow/හේමලයා
    කොයි කවුරුත් තමන්ගේ වාසිය බලන
    යයි හැමදෙනාමත් පෝලිම් වල ලැබෙන
    හයියක් ලැබේනම් ලොකු සෙවනක ‍රැ‍ඳෙන
    ඇයි? අපි හූල්ලන්නේ නොමැතිව සෙවන

    ReplyDelete
  9. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    තම තමනුගේ තරම දැනගත යුතුව ඉතින්
    හැම පටලැවිල්ලම දෙස් දෙයි එයට නිතින්
    කැමතිම උනත් ලද රජකම දෙයිද ඔවුන්
    ඇම කෑවනම් විඳවිය යුතු නේද තමන්

    ReplyDelete
  10. @ ඉලංදාරියා

    අද වීරයා හෙට සතුරෙකු විය හැකිය
    දැක ගන්නවා නම් වට පිට අඩු වැඩිය
    කළ දස්කම් කෙසේ වත් වැළලෙනු නැතිය
    ගොං කම්, මෝඩ කම් වලටත් ඒ සෙතය

    ReplyDelete
  11. @දුමී

    මතක් කරතොත් මාස අටකට පෙරදි තර‍ඟෙට ආ කලේ
    හොදක් නම් කියවුනිද ?කටකින් ඉරිසියාවයි බෝකලේ
    "ක‍ටුත් දෙමි ලෙව කන්න,අන්දමි ජම්පරේ " ගත් විට බලේ
    ත‍ටුත් සලමින් හුරේ දැම්මෝ බෙහෙතකටවත් නැහ බොලේ

    ReplyDelete
  12. @ sameerausa

    කෙනෙකුට ගැහැණියකු හෝ පිරිමියෙකු හැර
    කළ හැකි අනෙක් හැම දේ මත් කරණ වර
    ලියලා දුන් ව්‍යවස්තාවක සුපෙම්බර
    අකුරෙන් අකුර පණ ගැන්වෙයි වරින් වර

    ReplyDelete
  13. @ priyantha.ඒබී

    නිලලත් පෙලක් මිනිසුන් මුල අමතකව
    බලයත් සමඟ හැපෙමින් ගොස් පීඩිතව
    නොලබත් කිසිත් යයි කාටත් අමතකව
    කියවත් නම් තියේ "පැටිගිරි" මා සතුව

    ReplyDelete
  14. This is the real rational and usefull comment on perticular matter its realy good I wish you all success in the poetry field

    6th word in 1st line of second poem
    should correct as "gena" insted of
    genadee then it can form a correct
    ritham pl. see virith wakiya
    kumaranatunga Munidasa thank you!

    ReplyDelete
  15. This is the real rational and usefull comment on perticular matter its realy good I wish you all success in the poetry field

    6th word in 1st line of second poem
    should correct as "gena" insted of
    genadee then it can form a correct
    ritham pl. see virith wakiya
    kumaranatunga Munidasa thank you!

    ReplyDelete
  16. @Anonymous

    Thanks, thank you very much for your comments, as well as your advice.

    ReplyDelete