රුව ඇඳි සිහිනයේ පැටලී අකුරු සරින්
කිම මංමුලා වූවේ අපි ළදරු වෙසින්
දිව ගිය කාලයම නපුරට එකතු වෙමින්
මම මහ ලොකු වරදක් කර ඇතිය නොමින්
වතු සුදු මලෙක මුඳු බව හදවතෙහි තියා
මතුයම් දිනෙක විඳිනට හැකි වෙතිය කියා
සිතුවෙමි, සියළු බැඳි බැමි අමතකව ගියා
රතුවුන ඇහැක කඳුළක් උරුමයට තියා--
සිතිවිල්ළක එබඳු බැඳුමට වුන කරුණූ
ළතවිල්ලක මුලකි දින දින වේ දරුණූ
මැසිවිල්ලක ලියා දිය කර දා හරිණූ
හසරැල්ළක රැඳෙන ලකුණක් නැහ පෙනෙනූ
ගැයුවත් විහඟ හද බැඳ තබන ලෙසින්
ලියුවත් බොහෝ දෑ කිසිදා නොවන හෙයින්
පදරුත් විමසමින් කළ කී දෙයහි හෙමින්
සුනරුත් වීය ගී කෝකිල, කපුටු සරින්
සැමරුම හෑමදාමත් පවතින්නේය
විසදුම සමාවක් නම් නොලැබෙන්නේය
අළුයම හීනයේ ඇහැ පියවෙන්නේය
විමසුම කුරුල්ලන්ටත් වරදින්නේය....
නුඹ මං මුලාවී ඇත සිතුවිලි අතර
ReplyDeleteකිම නොපෙනෙන්නේ නුඹ ළඟ ඇති ජීවිතය
කඩතුරු හැර බලා තතු සුපුරුදු විලස
හරි මඟ යන්න දිරි ගනු මා ප්‍රිය සබඳ
වුන දේ වුනා දුක් වී දැන් පලක් නැතී
ගිය දේ ගියා නුඹටයි ඒ දේද හිමී
එක් සිත් ළං කරන් පෙර මං බලනු නිතී
ඇය එයි දරුවනුත් කැඳවන් නුඹය සකී
විහඟුන් කවද කෙදිනකවත් තනි වෙන්නෑ
ගැයු ගී මිහිරි මතකය අමතක වෙන්නෑ
හිමි දේ හිමි තැනට මිස වෙනතක යන්නෑ
ඇය එයි ඉතින් නොහඩන් නුඹ සිතගොළු වෙන්නෑ
සිතුවිලි හැඟුම් වර බිඳගත් අසුන් වගේ,
ReplyDeleteදස අත සරනු නොම දෙන් සබඳිනි මාගේ,
මංපෙත පහන් වැට එළියෙන් ඇත දැල්වී,
පියවර තබනු පසුපස නොබලනු ආයේ,
ෂා..... මරු කවි සැට් එක :)
ReplyDeleteඅද තමා මේ පැත්තට ආවෙ :) ( ආව කිව්වට අක්කියෙක් මාව එක්කන් ආවාzzzz )
අයි ලයික් දිස් බ්ලොග් :) කීප් ඉට් අප් ;)
අපි දිගටම කියවනවා :)..............
නියමයි...වත් අක්කට ස්තූති මාව දැනුවත් කරාට..කවි ලියන්න නම් බෑ...කියවන්න නම් පුලුවන්..විදින්න ඊට වඩා පුලුවන්
ReplyDelete@ වත්
ReplyDeleteතරු නෙත් දෙකක් වී බ්ලොග් මඟ පහදාන
කරුනක් දෙකක් නොව බොහොදේ හඳුනාන
හැරුනත් මඟ, නොවරදා යන මඟ පාන
ගුරු වු නුඹ සිනාසේ වී හඳපාන
@ Ravi
ReplyDeleteහිත නම් වල් අසෙකි අල්ලා බැඳ තබනූ
මිත ඒ වුනත් නොහැකිය රැකවල් හදනු
විතරම් නොවුව මුත් සිතිවිළි හා බැඳුනු
ගත මෙහේ තියා සිත යන එකමයි කරුණු
@ ජේ.ඩී
ReplyDeleteසිත්තම සොඳුරු සිතකට හැංගී අඳින
අත්කර දුනිය ඇය මට මේ බ්ලොග් ගමන
ඇත්තම කියනවානම් ජේ ඩී හැඳින
වත් නම් පහන් ටැඹ කිය නිති මඟ කියන
@ ර ත් ග ම යා
ReplyDeleteගැයූ ගී පිළිනු
නොමවී රසෙහි රැඳුනූ
හෙයින් රස විඳිනූ
ඇවිත් යන එක සතුටු කරුණූ
ඇස් දකින සිත් බඳින හැම දෝතට ලැබේ නම්
ReplyDeleteරුදුරු කතරක අපි බැට කන්නේ නැතිව ඇති
ඉති අග මල් කැකුළු නැගී සුවඳින් පූදන්න පිපී
අතු පල බර වෙන්න වැඩී හිරු රැස් අවැසි සකි
කලු වළා ඉරා ඈතට පා කර යවා බලන් දෑස් විදා
@ ගල්මල්-Coral
ReplyDeleteනොනිදත් සිහිනයේ පැටලී අත් විඳපු
ඉඩලත් හැම විටම ගෙයි දොර කඩ ලැඟපු
හිතවත් වුන සිතම අයේ හරහට හිටපු
මැදිහත් සිතෙනි මේ ඇස් මායම දැකපු