Wednesday, 18 June 2014


29.04.2010 දින සිඩ්නි විසින් මගේ සමරැ පොතේ ලියන ලද්දක්


නිධානය සෙවීම....



ගලා ගෙන ගිය ගඟ සිදුනාසේ

සියලු මං පෙත් වැසුනා...........

බලා ගෙන සිටි නඩය ඉන්නා

ඉසව්වක් වත් නොදැනා

මුලාවක්මය කවුරැවත් නැත

අපිට අපිමයි කියනා

විලාසෙන් නුඹ හදිස්සියකට

තිබු මසුරන් සොයනා..........





මගේ ආදරනීය................







ඔබේ අදහස් පැනිත්තකි....................මා

වෙහෙසවු තොල තෙමෙනා

එකම ගීීයකි ලියන විට රෑ

ලගින් හිද තනි රකිනා

දිගු ගමන අත නෑර යමු අපි

කැළණි ගග මෙන් ගලනා........ ‍

ඔබේ බසකින් කලා වැව වීී

මගේ සිත රෑළි නගනා.....

Wednesday, 11 June 2014




මගේම ආදර.........


සිහිනෙන් මිදී........



දඹරන් පිලිම ගල්කනු  සේ                                    පෙනෙනවද
පෙරගින් නැගුන සඳ අවරින්                                  නැගෙනවද
සුපසන් සෙනෙහසට නැවතුම                                    තියනවද
සිහිනෙන් කේතුමතියට පිය                                       නගනවද

අඳ ගොළු බීහිරි වු කල පාමුල                                       වැටිලා
අද නැත නොම සිතා හෙට දවසක්                                 පතලා
සඳ මෙන් සුසැදි සෙනෙහස ගැන ඉව                           වැටිලා
වද වන දිනකදී වත් එනු මා                                           පතලා


Saturday, 21 January 2012

මගේම ආදරණීය ( 2 ) ...............





  හෙට..........!

පෙමාතුර හැගුම් අබියස
දවා මුලු දිවිය කදුළක
හොවා ගෙන ළතැවුලෙහි සිත
කිමද කාරණා.....................


දි දී නෙක පිළින මනනද
ඉදී නුඹෙ සුවය විද,  විද
සැදී නොයන සද සිහිනය
නිල් නුවන් තෙමා.


නොකීවද මගෙහි  සළකුනු
නුඹේ සිත  පෙලන නිරතුරු
අසා දකින තුරු දිව, රෑ
හඩන යුරු පෙනි.


ලොවේ කොතැනකට වී හෝ
නුඹේ කදුලු ඇස් දැක, දැක
දමා යන්න බැරි හන්දා
දෙපා පැටලිලා.


උදේ රෑ කියා වෙනසක්
නැතිව නුඹව කැදවූවත්
මගේ ලොවට එන්නට යලි
දෑස් අඳ වෙලා


ඒත් මම දනිමි දවසක
සිහිනයෙන් මිදුන මොහොතක 
එදා වගෙම යලි හිනැහී
නුඹ එතැයි කියා.

09.8.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්



Tuesday, 1 November 2011

මගේම ආදරනීය..................





ගන දුර හැලෙන රෑ පින්නේ පැලට                         වෙලා
අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා                     වෙලා
පැදුරට වැටෙන කදුලක බර එකතු                          වෙලා
සීතල සුලග ඇයි මේ හැටි නපුරු                            වෙලා


කඳු යායට උඩින් අඬ සද බැස                            ගොසිනී
මූසල රෑහි හඩ නැග එයි තුරු                                  මතිනී
ලග සිටි නුඹත් මා ලග අද නැති                             බැවිනී
එක සද නොවේ සියයක් බැස ගියා                          වැනී


පැල තුල වැතිර සීපද කිව්වා                                    එකට
යායක ඉරිගු මල් පිපුනා නොවැ                               අපට
කොයි? ඒ ගී සින්දු අද නැහැ                              අහලකට
හීනෙන් මිසක නොපෙනේ දැන් නුඹව                       මට


වැව් දිය පතර මල් නෙලලා මා                                අතට
දුන් නුඹ නිසා මල් පිපුනා මා                                   හිතට
මා තනි වූවත් අද පැල තුල කල                                පවට
මේ මල් තවම පූදින්නේ නුඹේ                               නමට


සුලගේ සුසුම් හඬ නුඹටත්                           ඇහෙනවද ?
අහසින් වැටෙන කදුලක් හෙම                පෙනෙනෙවද ?
සීතල ඇවිත් ගේ දොරකඩ                              සිටිනවද ?
මට මෙන් නුඹට එතකොට දුක                    හිතෙනවද ?


අඳුරත් පාළුවත් උහුලනු බැහැ                              මෙමට
නුඹ දැල්වූ පහණ අද නැහැ පැල                             තුලට
දහසක් හැගුම් උපදිනවා                                    කළුවරට
නුඹ නැති හෙටට හිරු පායන්නේ                           කුමට



14.06.1998 වෙනි දින ලියන ලද කවි පංතියක්