කෝ.............එන්න..............
1996.02.05 ලියූ මේ කවි පෙළ අදට කිසිසේත් ම නොගැලපෙන බව මම හොදින් දනිමි.මීට දශක එක හමාරකට පෙර අප පෙලූ තුන්බිය අද අපට නැතත්,තවත් නා නා ප්‍රකාර බිය නැතුවම නොවේ.
එය එසේ වුවත් අද මේ කවියෙන් කියන තල් වැට මාඉමෙන් එහාට අපිටත්, තල් වැට මාඉමෙන් මෙහාට ඔවුනටත් ආ ගිය හැකි දවසක් උදාවෙලා තියෙනවා.
ඒ ගැන ඇත්තටම සතුටුයි.
සදෙව් ලොව තුටු මතින් සරණා
දෙව් බඹුන් විසිරෙමිනා
නුඹේ කොවිලෙහි,... මගේ දෙවොලෙහි,....
ඇයිද? මේ විරසකිනා
සාමයේ සුදු පරවියොත්
යුද විරාමෙදී මිය ඇදුනා
මමත් නුඹ මෙන් උපන් බිමෙහිම
සරණාගතයෙකු කරවා.........
නෑ දන්න කිසිකෙනෙක්, මේ දුක.......
කොයි කල්ද , අප පෙලෙනා...........
පායන්න හිරු... අදුරු පට බිඳ
නවෝදෙට මඟ සරසා
පේ වෙන්න එක පියස්සක් යට
හෙළු කදුලැලි පිසදා
කෝ..... එන්න තල් වැටෙන් මෙපිටට
සිනා සඳ කැන් පොබවා.
සි.එස් බණ්ඩාරනායක
1996.02.05
No comments:
Post a Comment