Thursday 6 May 2010

පහන නුඹය,ගත සිත එළි කරලාන



















පහන නුඹය,ගත සිත එළි කරලාන


සාර සියක් ගව් දුර ගිය කුමරාණ
වීර පාරමී පුරමින් දු‍ටු හීන
සාර සියක් කල් මඟ බලමින් පේන
පාර වැරදුනාදෝ හේතුව නේන....


මාර සෙනඟ මෙන් නෑපුර වටලාන
කාරණා කියයි නුඹ ගැන අනුමාන
නෑර නුඹේ අත ‍රැදෙමින් සිත ගාව 
මාර සෙනඟ ලඟ අසරණවී මාව,


පාන සිනා සම කුල ගොත් නෑ රෑන
මාන බල බලා මා සිත බිඳුවාන
ගේන යෝජනා වුව මන බන්දාන
පහන නුඹය,ගත සිත එළි කරලාන..


මාර සෙනඟ ලඟ තනිවී යුද වදිමි
සාර කල්ප කල් වුව එන මඟ බලමි.
පාරමී පෙරූ සිත තනියට තබමී
වීර කුමරුණී දැන් තනි නැත ඉතිනී.

4 comments:

Anonymous said...

සිතේ මලක් මෙන් නුඹ මෙහෙ පිපුනේය
කතා දෙකක් නැහැ හිමිකරුවා ඔබය
කොහේ හෝ සිටන් එනදා තෙක් එදින
නෙතත් සිතත් පියවෙන්නේ නැහැ සබඳ

කියල ඇය කියාවි ......

විහඟ ගීතය said...

සිත් සත් කරන් මෙත් කරුනාවෙන් පිරුණ
වත් මත් නුවන් තෙත් වනු දෙනු බැහ ඉතින
විත් අත් ඇරන් පත් වී පැතුමක පුරණ
නෙත් සිත් බැඳන් සිත් සතොසින් යමු ගමන

කියලා ඔහු කියාවි.....

සුළඟ** said...

ලස්සනයි.
සුළඟ**

විහඟ ගීතය said...

@සුළඟ......

මුඳු සුළඟ වගේ
ඇවිදින්......
ආ බවට ලකුණු
තබමින්......
වැඩි කතා නැතිව
විගහින්.......
කොයි ගියේ ද
:"මැණිකේ" ඉතින්.......