Friday 4 June 2010


හිරුට මුවාවී ඉගිලීගෙන  යන්න
නුඹට වෙහෙස බව  මාගේ සිත දන්න
කුමට දෝ ඉතින් හිඳ තව ළතවන්න
සඳුට හොරන් මම එමි නුඹ ගෙනියන්න

මල වට ‍රැගුම් පෑ බඹරිඳු  නෑ ආවේ
ගෙල වට මල් මාල  පළඳනවයි කීවේ
කලකට පසුව  කීදෙය අමතක වූවේ
මුතු කැට කඳුළු පමනයි තනියට ආවේ

හිතක් ළඟ හිතක් බැඳ දෙවමින් පිළින
රුවක් විය නුඹත් මගේ සිතටම සැදුන
දුකක් නොම දෙමින් ඒ හිතටම බැඳුන
කවක් ලෙස නොකී අලුතෙන් පද බදින

පීදුනු පැතුම් බොල් සුළඟට පා කරලා
හේදූනු සිතුවමෙන් හිත නිදහස් කරලා
ඒ ඳුනු  නැවුම් සිතුවිළි එක්තැන් කරලා
දේදුනු  ආයෙමත් සිත් අහසෙහි පිපිලා

සිතත් ගතත් සිත් ගත් සිතටම බැඳුන
නුඹත් මමත් වෙත් එක සිහිනෙම දකින
ඇවිත් තවත්  කල් යල් බලනුයේ කුමන
හෙටත් අදත් මෙන් විය යුතු නැහැ ඉතින.

මුකුළිත මල්ය, න‍ටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
නුඹසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
තනිනැත ඉතිං , නුඹටත් තනි නැති වාය



12 comments:

Anonymous said...

බොල් වූ සිතුම් පෙර දිනදී සෝදාලා
පීදුනු සිතුම් සිත් අහසේ රඟ දීලා
දේදුනු පාට නෙක නෙක රූ මවාලා
විහඟිගෙ සිතේ පෙම් මල් පීදීලා

විහඟ ගීතය said...

@isimbuwa

ඊයේ බොඳ සිහින හෙට ‍රැස් දී පාවී
කීයේ කතාවන් සුළඟට ඒක්වේවී
ආයේ නොයන්නට ඈ මවෙතට ඒවී
ගීයේ විහඟ හැමදාමත් ‍රැව්දේවී

Uditha Lekamge said...

හිරුට මුවාවී ගමනක් පතනු එපා
සඳුට හොරෙන් යන ගමනක් සිතනු එපා
ආදරයට දුර බාධා තකනු එපා
දුරය එහෙත් සිත දුර ඇත සිතනු එපා

මල වට රැඟුම් පෑ බඹරිඳු නාවත්
ගෙලවට මුතු මාල පළඳමි කීවත්
කලකින් කීව දේ ආමතක කර ලූවත්
දෑසේ කඳුලු කැට පුරවා ඉනු නොහොබිත්

සිත ගත දෙකම ගත් හිතකට බැඳුනේ නම්
දුරය එහෙත් නුදුරේ ඇත සිත ගත් නම්
ගෙළවට මාල කුමටද එම පෙම ඇති නම්
ඉතින් කුමට ඉර සඳු කොට මුවා ගමන්

මැණික්(සුළඟ) said...

මුකුළිත මල්ය, න‍ටු මුකුළිත නූවාය
විකසිත වෙන්න මලකට ඉඩ පෑවාය
මගෙසිත සෙනෙහේ ළඟ පීඳුනු මල සේය
හරි ලස්සනට නුඹ මේ කවි ලීවේය

විහඟ ගීතය said...

@ leks'world

ළඳය, ළඳ බොළඳ හිරු ‍රැස් විදිනු බැරී.
සඳය මුව මඬළ ඒ සොමි ගුණෙන් පිරී
තනිය දැනෙනු නොමදී එම හිතට සරී
නිදිය සඳ තරුත් මේ ගමනේදි නොහැරී

විහඟ ගීතය said...

@ මැණික් (සුළඟ)

මල් විකසිත වේය යළි මුකුළිත වේය
කල් යල් නොබලමින් නිති මල් පිබිදේය
මල් සිරි දකින නෙත න‍ටුවට පි‍ටු පෑය
බැල්මෙන් පවා න‍ටු නොව ක‍ටු දු‍ටුවාය

http://blogsinhala.com/ said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

Anonymous said...

@වත් මේ පණිවිඩය මෙහෙම වෙන බ්ලොග් එහෙක සටහන් තබන්නට වීම ගැන කණගාටු වෙනවා... බ්ලොග් එකෙ අයිතිකාරයන්ගෙන් අවසරයි....

වත්... එකම එක දෙයයි කියන්න තියෙන්නෙ.. කොහෙවත් යන අවජාතක ඇනෝ කෙනෙක් නිසා මටත් ඔයාගෙ බ්ලොග් එකෙ නිර්මාණ රසවිඳල සටහනක් තියන්න තිබ්බ අවස්තාව නැති කලා නේද?

(මම ඔබේ බ්ලොග් එකේ 'ප්‍රේමයේ නිරුවත' කවියට කමෙන්ට් කල සහ පුද්ගලිකත්වය සහ බ්ලොග්කරණය ගැන සටහනක් තිබ්බ 1වෙනි ඇනො )

Anonymous said...

@ විහඟ

සුවදැති කුසුමකට නු‍ඹ ආදරෙ කරන තරම්
පොඩ් වී නොයා ආදරයෙන් රකින තරම්
හදවත නුඹේ සෙනෙහෙ දියෙන් තෙමෙන තරම්
කවි පද වලින් දැනෙනව ආදරේ තරම්

Anonymous said...

අරමුණ කිසිත් නැති ඈයගේ හද දිනුව
නුඹ මං මුලාවෙයි නැවතත් පෙර ලෙසම
ඇය බයගුල්ලියකි ආදරෙ අභිමුඛව
සඳ තරු පවා දෙස් දෙයි ඇගෙ ගොළු බවට

Anonymous said...

@ Anonymous
අනේ Anonymous .... මම දන්නව එයා හොද Anonymous කියල. ඒත් මක් කරන්නද ඉදහිටල සත්තුත් පහරලා යනවනේ...

ඔයාට බැරිද නමකින් එන්න....

ඔයාගේ කොමෙන්ටු හරි වටිනව මට...

මේ බ්ලොග් එකේ අයිති කාර විහඟ මහත්තයගෙන් අවසර නොගෙන මෙහෙම ලියන එකත් වැරදි...

විහඟ ගීතය said...

@වත්

කඩ ඉම් කරුණු කාරණා දැනගෙන පැමින
ඉඩ කඩ සොයනවද අරමුනෙ හිම ගිලෙන
හඬ හුරු පුරුදු මට නුඹේ වතෙහිම දිලෙන
අඬ් හැරයට ලොබින් මම මෙහෙ කල් ගෙවන