Monday 13 September 2010

මලට බඹරු..




පිපුන කුසුම මම වෙමි
බැඳුන දෙනෙත සනසමි
රුවින ගුණෙන සැරසෙමි
පැමිනෙන තුරු මම ඉමි


නුඹට උරුම බව දනී
මලට බඹරු පෙනි පෙනී
කුමට ළතවෙනුද තනී
මෙහෙට පාර ඔහු දනී


දකින දකින මල් සොයා
යනෙන කෙනෙකු නොව එයා
පෙනෙන ඉසව්වක දයා
ගුණෙන මහද ඔප තියා


අපිට බඹර සර දැනේ
දුකට සැපට එනවනේ
නොරට පෙරලුනද සෙනේ
එපිට නොයා සැනහුනේ


ඉඳින ඉසවවක ඔහේ
‍රැ‍ඳෙන හිතක් හෙම නොහේ
විඳින අසිරි පෙම ‍රැහේ
නිතින මගෙනි! වෙන කොහේ


නොකොට යුතුය නොසිතමි
සැපට බඹර තුඩු දැවි
සුමට මගත සැනසවි
රසට බඹර හිත නැවී


නොවන කරුණු කාරණා
කුමන ලෙසද සාදනා
දුකිනි මසිත පාදනා
දැනෙනවාද වේදනා


ඇසට කඳුළු ගෙන එමින්
දුකට හේතුවක් වෙමින්
නොකොට යුතුය  දැන නොමින්
මතට බඹරු මෙහි එමින්


පෙමින හිතෙහි පෑහෙනා
දකින සොඳුරු මල් හිනා
පිපෙන ඉසව්වෙම මනා
බි‍ඳෙන සිහිනයක් වෙනා


ඇහට කනට පෙනි පෙනී
හැඩට රුවට ඇල්මෙනී
කවට කමට බැල්මෙනී
මලට බඹරු ලංවුනී


6 comments:

Anonymous said...

මටත් හොරෙන් කවි ලියා
මලට බඹරු ළං වෙලා
ගියත් දුරක සිත තියා
ඉඳිමි දෙනෙත මඟ බලා

විහඟ ගීතය said...

@ Anonymous
ගියත් කොහේ දුර කියා
ගතත් හිතත් ළඟ තියා
පුවත් දැනත් නෙත් අයා
මගත් බලනවද ඔයා

Shadow/හේමලයා said...

මල්පැණි බොන්ට ලොබ හින්දා....
පාට සුවඳට ඇති ඉව හන්දා....
මල්ට ඇදී....
පරාග ගාගෙන යති බඹරු.....

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

මලට බඹරු ලොබ යෙනී
නිබඳ මිහිර විඳ ගනී
එකම මලෙක නො‍රැදුනී
මලට බඹරු.. එලෙසෙනී

මැණික්(සුළඟ) said...

මලක සොඳුරු මල් හිනා
කඳුල ලඟදි බොඳවුනා
නපුරු බඹර විස වැදී
දැනෙනවාද වේදනා
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

මලෙක සිතැගි හඳුනමී
සුවඳ නිතර විඳිනෙමී
බඹර පහස සැර නොවේ
සරමි කඳුලු නොමදෙමී