Saturday, 20 November 2010

දේදුනු පාට අතහරිමින්


සීතළ දුරුත්තට කලියෙන්
ඉල් මහ සීතළේ ගැහෙමින්
ගිලිහුන වසන්තය සමඟින්
උණුසුම සොයයි සිත තරහින්

පීඳුනු සිහිනයට රහසින්
ඈඳුනු හිතට කිති කවමින්
දේදුනු පාට අතහරිමින්
කලු සුදු ලොවක කල් බලමින්

ගීතයේ තනුව හැර, ශ්‍රැතියෙන්
දීගයේ බැඳුනු කළ කලියෙන්
ඊතළ නොවිද්ද සඳ, මලවින්
සීතළ දැනේද නෙතු කදුළෙන්

රූසිරි බලා එබී හො‍රැහින්
ආසිරි ගීත තළුමරමින්
පැහැසර මැකී, මලානික මෙන්
දොරහැර දමා.... මෙමා තනියෙන්.....


2 comments:

ගල්මල්-Coral said...

හිරු කිරණක් වැටි වැහිදිය පොදක්
හත්වර්ණෙන් සැදි වක දේදුන්නක්
පැරදුණ විට වියැකී නැති තෙතමනක්
කළු සුදු වෙනවා පාටේ නැහැ තිරක්
අඳුරු වලා බරවී ඇති කරනා
තුරු තව වැස්සක් තව දේදුන්නක්

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

දේදුනු සැදේවී
දේදුනු මැකේවී
පෑදුනු තරමටම
කළු සුදු ‍රැදේවී