Thursday 26 May 2011

මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම



ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණ
එයින් බොහෝ කලකට පසුවත් නො එන
කොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණ
සිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන


සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසම
ගතින් බොහෝ දුර වුව හිතහිත ළඟම
උපන් සිහිනයේ නෙතු පියවෙන තුරුම
මගින් මඟ බලමි,කෝ  කියු අරුම


පියා සලා දැක මල්වතු උයන් දොරින්
නියාමය නොවූවත් නොපනතෙහි ලොබින්
ගියාවද නුඹමනැතිනම් ‍රැගෙන ගොහින්
කියාදෙන්න මට කවුරුත් නැතිය ඉතින්


තවමත් නුඹෙ සුවඳ මුළු ගේ පුරාවට
දැනුනත්අහලකින් ඇස් මායිමෙන් පිට
නුඹවත් සෙනෙහසත් ලත් මා අගේ කොට
සැනසෙත්,නුඹත්  බව නම් දැනේ මට.


කල්බලා හිඳන් මල්සර විදි  දුන්නේ
සුන්වෙලා පැතුම් බොල්සුළඟක් වැන්නේ
වෙන්වෙලා ඉන්න නම් නැහ හිත දෙන්නේ
දන්වලා එවනුමෙහි කවදද එන්නේ..... 
කවි සොයා බලමු 
කවි කිය කියා ඉදිමු
කවි රසය විඳිමු
තවත් අය හා බෙදා ගනිමු 

9 comments:

මාතලන් said...

ඉහිරුන කිරට මොකටෙයි බං අඬන් නේ
ටික කාලයයි අප මේ ළොව සිටින් නේ
අලුත් සුවඳකට හිත ගත යොමන් නේ
එයිනුයි බොලං සිත නුඹගේ නිමෙන් නේ

විහඟ ගීතය said...

@ මාතලන්

ඉහිරුනු කිරි දමා ගඟටත් උඩින්නේ
ඉගිලී ගියත් වගකට නැති කොකුන්නේ
විඳි සිහිනයේ සුවඳ පමනයි පතන්නේ
‍රැදෙනෙමි.. ඉතින් නුඹමයි හිත හදන්නේ

ගල්මල්-Coral said...

ආවත් ගමරට ආයුතු හින්දා
නාවත් නැව් නැග පියාසලා
කීවත් නොම පාලුවේ තනිවෙලා
පුතුත් පොඩි තක්ෂිලාවේ හිරවෙලා

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

නෑවිත් ඉන්නට නම් බැරි හින්දා
ආවත් මම නැව්නැග හිත රන්දා
ජීවත් වෙන්නට හෙට නුඹ හන්දා
මාවත් මට අමතක වෙද මන්දා

Chandi said...

කවදා ඒ දෝ මගෙ පෙම්බරිය
මග බලමින් හිදී විහඟ ගීතය
ඉක්මන් ගමන් ඒවී ඒ ප්‍රියාවිය
දින ගනිමින් සිටියොත් ඇතිය

දුකා said...

නොලැබෙන දේවල් වලට හඬා වැටෙන එකේ තේරුමක් නෑ කියමයි මගේ හැඟීම . .

අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ . . කියලා කිව්වට එහෙමම නෙමෙයි කියලා දන්නවා ඉතිං . . .

අනේ මන්දා

විහඟ ගීතය said...

@ Chandi,

දිනෙන් දින ගෙවී සති මාසෙට හැරුනූ
ගියෙන් ගියාවත් මම නොදනිමි කරුණූ
කොහෙන් හෝ ඉදන් යළි මේ දෙස බලනූ
බලන් ඉදින බවවත් සිහියට නගනූ

විහඟ ගීතය said...

@ දුකා,

රන් තැටියක දමා ගෙන කිරි පැනි ඉල්ලා
හඳ මාමා ඇවිත් යනතුරු කල් අල්ලා
නොලැබෙන බව දැනත් ඒ ගැන ඉව අල්ලා
කල් යල් බලන්නට අපි කැමතියි මල්ලා

Anonymous said...

විහඟ ගීතය නිහඬ ඇයි ?