වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
Tuesday, 5 October 2010
Monday, 20 September 2010
Sunday, 19 September 2010
මලක අරුම
සොඳුරු විමසිලි දෑස් මාවෙත
බලා නොදෙඩූවත්
යනෙන තැන්වල ලකුණු සලකුණු
කියාදෙනු බැරිවෙත්
තබා බර දෑගිලි බැඳුන තැන
විවාහය සවිමත්
නිහඬ වෙමු ආ ගිය කතා ඇයි?...
නුඹ ළඟනේ තාමත්
දොවා සඳ මුඳු ප්‍රේමයෙන්
සියොළඟම සැතපූවත්
පෙනෙන මායිම වහන් වූ පසු
නොපනතෙහි පැටලෙත්
නොවුන විලසට කිසිම කිසිවක්
පියඹලා ආවත්
උරුම සෙනෙහස මටම පමනයි
දෙවනු බැහැ ඉඟිවත්
දොරින් දොර මල් උයන් වතුමයි
මලින් බරවීලත්
නිකම්වත් එහි රැඳෙන්නේ නැහ
දෑස් රිද වූවත්
නුඹත්, නුඹගේ සෙනෙහසත්, මුඳු
ගුණත්, වී සිහිපත්
දෙපා රැඳවෙන්නෑ කොහේවත්
දනී නුඹ ඒකත්
පෙනේ ඔය මඳහාස දෙතොළඟ
මුසා බස් නොමවෙත්
කොහේ යන්නද මල් උයන් මැද
නොවිඳ මල් සුවදත්
බෙදා දෙන්නේ නැති තාක් කල්
පිදූ පෙම සිරිමත්
දනිමි මම යනෙනා මඟදි වෙන
බොහෝ දේ සුනරුත්...
Friday, 17 September 2010
මලක.. මෙලෙක.
සිනිඳු පෙතිද විඳහලා
දිනිදු විලස සලකලා
සුමුඳු යහන හැඩකලා
පුබුදු හදට ලංවෙලා
කුමුඳු පිපෙන යාමයේ
පිබිදුන මල් හීනයේ
ඔකඳ වෙමින් ගීගැයේ
සුවඳ තවත් පාව යේ
නොඉඳුල් පෙම යාවුනා
නිකළැල් හදටම මනා
හසරැළ්ලක සුව ගෙනා
මුතුළැල් හස වාසනා
නොරැදී පෙම් සිහිනයේ
ගෙවදී රෑ යාමයේ
සුව දී සිත් රාගයේ
සමුදීමක් නෑ අයේ
උතුම් ගුණෙනි පෑහුන
සිතුම් පැතුම් ඈඳුන
දැකුම් පිළිවෙලෙහි මන
විඳිම් සෙනෙහසෙහි පින
ඉඩෝරයක් වී නැහී
මහෝගයක් වූ වැහී
විරාමයක් දී එහී
විරාගයක් නෑ මෙහී
පරම පිවිතුරුවු පෙමින්
ලොවම හැඳිනගත් බැවින්
පෙරුම පාරමී පුරන්
උරුම වෙන තුරා බලන්
කරුණු කාරණා නොවින්
හැරුණු විගස මෙහෙ රැදෙන්
පිරුණු සෙනෙහසක බැමින්
සරණු හුදකලා සිතින්
Wednesday, 15 September 2010
සොර බොර වැවට බැස්සයි නාඹර ඇත්තූ
අළුත් ජනකවි 04, 03, 02, 01, මෙතනින් කියවන්න
ඒ දන්ඩේ මට තනියම යන්න බැරී
දහ අටවැනි විසදුම ඉවසන්න බැරී
මගේ ගෙදරවත් හුස්මක් ගන්න බැරී
පිලේ පැදුර සිහිවෙන කොට ඉන්න බැරී
එක පුන්සඳම ගුරු කරගෙන රැදෙන තුරු
නෙක තරු රැසට අරුමය නම් සඳය ගරු
නිකරුනේ කල්ගෙවා ගොඩයන මඟ ඇහිරු
සැකයෙනි! ඇවිත් "කරු යළි පායයිද හිරු"
දාහත් දෙනෙක් ඇරගෙන "කරු" ගිහිල්ලා
දහසය දෙනෙක් අතහැර යළි ඇවිල්ලා
දාහත් දෙනෙක් ආයෙත් ගොස් ඉගිල්ලා
නෑ දුක් මෙහෙ ඇවිත් මංගල කුරුල්ලා
"පබා" හට "කරූටත්" වැඩියෙන් ලැබුන
කෝප නොවුන කල රජු පාමුල රැඳුන
එසැඬ "මනාපය" ගව් සිය ගව් දුරින
රජුට හිනා..... වුව තව කෙනෙකුට ඇඬුන
දිය බොර කලදි කවුරුත් වල ඉහගත්තූ
ගියවර වගේ නොවේ දෙකොනම ගිනිගත්තූ
පියවර ඉදිරියෙහි මඟ පාදා ගත්තූ
සොරබොර වැවට බැස්සයි නාඹර ඇත්තූ
ලස්සන හිමවතේ අසිරිය වැඩෙන්නේ
දුක්දෙන අලින් කර, සීනුව බඳින්නේ
රැක්මෙන රටත් රටවැසියත් තමන්නේ
ඉක්මන හොදයි.. රජ්ජුරුවොයි වඩින්නේ....
Subscribe to:
Posts (Atom)